පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්.

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්. මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කිරීම පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (01) පැවැත්විණ.මෙහිදී මෙම රෝහලට පවත්වාගෙන යාමට අවශ්‍ය වෛද්‍යවරුන් , සේවකයින් අනුයුක්ත කරගැනීම හා ඖෂධ සපයාගැනීමත් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන හා පාසල් තුල ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ වගා කිරීමේ විශේෂ වැඩසටහනක් සැකසීම පිළිබදව ද මෙහිදී සාකච්ජා කෙරින . මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පරිවාස අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා , මධ්‍යම පළත් ආයුර්වේද කොමසාරිස් එච්. එම් .ජේ . බි හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්. මධ්‍යම පළාත් කර්මාන්ත, වනිතා හා තරුණ කටයුතු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන, අලෙවි කරගැනීම සදහා පහසුකම් සැලැස්වීමේ අරමුණින් සංවිධානය කළ නිෂ්පාදන අලෙවි පොළක් පසුගිය (28 ) වන දින පේරාදෙණිය , ගැටඹේ කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබු මෙම විශේෂ අලෙවි පොළ සෑම මසකම අවසන් සතියේදී පැවැත්වේ.

‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් .

‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් . මධ්‍යම පළාත් වෙළෙඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි සහය සහිත ව සංවිධානය කරන ලදුව අගෝස්තු මස 29 හා 30 යන දෙදින පුරා එහි ඉහළ මහලේ පැවැත්වෙන ‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමී ව ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (29) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රමුඛ පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන භූමියේ දී පැවැත්විණි. උඩරට ඉපැරණි කලා උරුමය විදහා දැක්වෙන නර්තනාංග ගණනාවකින්ම ප්‍රසංගය වර්ණවත් විය. නර්තනාංග ඉදිරිපත් කළේ පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යන පළාත් නර්තන කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් ය. ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම පිණිස මේ දිනවල මහනුවර නගරයට පැමිණ සිටින දේශීය සංචාරකයන් පිරිසක් මෙන්ම විදේශීය සංචාරකයන් පිරිසක් ද ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ. ‘විසිට් කැන්ඩි’ ප්‍රදර්ශනය, අලෙවි පොළ හා මෙම ප්‍රසංගයේ මූලික අරමුණක් වන්නේ මෙරට සංස්කෘතික උරුමය නිරූපිත විවිධ නිෂ්පාදන කාර්යයන්හි නිරතවන ව්‍යවසායකයන් වෙත නව වෙළෙඳ පොළක් ද නිර්මාණය කර දෙමින් පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් අවශ්‍ය අවකාශය පුළුල් කරලීම යි.

Visit kandy අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ මහනුවර කේ කේ සී ආයතනයේදී.

Visit kandy අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ මහනුවර කේ කේ සී ආයතනයේදී ඉකුත්දා(29) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. මහනුවර නගරයට පිවිසෙන දේශීය හා විදේශීය සංචාරකයින් ඉලක්ක කොට ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙහිදී අලෙවි කුටි, ප්‍රදර්ශනාත්මක අංග සහ දැනුම ලබාගත හැකි අංශ රැසකින් සමන්විත වන අතර සංස්කෘතික විවිධ ප්‍රසංගය කින් ද මෙය වර්ණවත් වේ. විසිට් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර නගරය කේන්ද්‍රගත කරගනිමින් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංචාරක මගපෙන්වන්නන් ගේ සංගමයේ නිලධාරීන්, වියවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරු වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පසුගිය කමිටු රැස්වීමේ දී ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවර රැස්වීමට ඉදිරිපත් කළ ලිපි, ගැටලු හා අදහස් කමිටුව විසින් විමසා බලන ලදී. මේ අනුව මුරුතලාව- පේරාදෙණිය මාර්ගය සංවර්ධනය, ගන්නෝරුව මාර්ගයේ යුධ හමුදා කඳවුර ඉදිරිපිට අනවසර ඉදිකිරීම්, මහනුවර ජාතික රෝහල හා බැඳුණු ඉඩම් ගැටලු, උඩුනුවර ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීම්, කුණ්ඩසාලේ - වරාපිටිය මාර්ග තදබදයට විකල්ප මාර්ග හඳුන්වා දීම, ගෙලිඔය නගරයේ අධිබල විදුලි රැහැන් හා සම්බන්ධ කණු ඉවත් කිරීම යනාදී ගැටලු සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන්ගේ කරුණු දැක්වීම් ද සහිත ව සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කමිටුව එකඟ විය. මහනුවර නගරයේ වෙළෙඳ සංකීර්ණ ආශ්‍රිත විවිධ ගැටලු විසඳාලීම සම්බන්ධයෙන් නාගරික කොමසරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් හා වෙළෙඳ සංගම්වල ද සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද කමිටුව විසින් තීරණය කරන ලදී. එසේම අරමුදල් සැපයීමේ හැකියාව පවතී නම් අම්පිටිය තලපියන්නාව -ගුඩ්හෝප් මාර්ගය සංවර්ධනය කිරීමට ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙත අවසර ලබා දීම ද කමිටුවේ තීරණයක් විය. මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විෂය වූ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය වූ කරුණු අනුව රාජ්‍ය ආයතනවලට අදාළ වරිපනම් ගෙවීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට ද, අනවසර ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය නීතිමය තීරණ කරා එළඹීම පිණිස නාගරික සංවර්ධන අධිකාරියේ පනත සංශෝධනය කළ යුතු බවට ද කමිටුව විසින් තීරණය කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය , ඩෙංගු රෝග ව්‍යාප්තිය හා එය මර්දනය පිණිස ගත යුතු ක්‍රියාමාර්ග, බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් සූර්ය පැනල උපයෝගී කර ගැනීමේ හැකියාව පිළිබඳව ද ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කරුණු විමසා බැලිනි. මීළඟ කමිටු රැස්වීම එළඹෙන සැප්තැම්බර් මස 26 වන දා පැවැත්වෙනු ඇත. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, නීතීඥ උදයන කිරිදිගොඩ, නීතීඥ වසන්ත යාපා බණ්ඩාර,වේළු කුමාර් යන මහත්වරු සමඟ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රමුඛ පළාත් සභා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් වරු හා සෙසු ප්‍රධානීහු ද, අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීහු ද කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook