මධ්‍යම පළාත් කාර්මික නිලධාරීන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(26) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.මෙහිදී කර්මික නිලධාරින් විසින් මෙතෙක් නොවිසිදුනු ප්‍රායෝගික ගැටළු රැසක් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, කාලීන අවශ්‍යතා ඉටුකරමින් තම සේවාව විධිමත්ව ලබාදීමට ඉල්ලීම් රැසක් ද භාරදීම සිදුවිය.ඒ අනුව මෙම කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර කඩිනමින් විසඳුම් ලබා දිය හැකි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදු කරනු ලැබූ අතර පළාතේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම, කාලීනව පවතින වගකීම සහගත බව හමුවේ සේවය නිසිලෙස ලබාදීම මෙන්ම සාධාරණ ඉල්ලීම් කඩිනමින් විසදීම සඳහා අදාළ ආයතන වෙත දැනුම් දීම මෙහිදී ආණ්ඩුකාරවර අභයකොන් මහතා විසින් සිදු කරන ලදී.එසේම සියලු පළාත් තුළ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැංවීම වෙනුවෙන් රජය ගෙනයන නව වැඩපිළිවෙළට කාර්මික නිලධාරීන්ගේ ගැටළුද යොමු කරමින් ප්‍රමිතිකරණයෙන් යුක්තව සියලු දෙනා හට සාධාරණයක් ඉටු කිරීමට කඩිනම්ව ජාතික වශයෙන් මැදිහත් වන බවද මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු සේවා) එන්. විජේකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ. අමරකොන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී විය.
නිවැරදි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරුවලට පත්වීමෙන් විශ්‍රාම යාමේදී ගැටළු රැසක් ඇති වෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. නිවැරදි කාලයට නිසි ක්‍රමවේද ඉටු නොවීමෙන් අද ගැටළු රැසක් ඇතිවෙලා තියෙනවා. රටක් ලෙස ඉලක්ක ජය ගැනීමට සේවකයින් කෙතරම් තෘප්තිමත්ව කටයුතු කරනවාද යන්න බලපානවා. ඒ නිසා නිසි ලෙස රාජකාරි ඉටුකිරීම කාලින අවශ්‍යතාවක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවසයි.ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාත් සභාවේ කාර්යය මණ්ඩල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අමතමිනි. මෙම සාකච්ජාව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගිය දා (26) පැවැත්විණි.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞබ්‍යය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩල සමාලෝචනයට අදාළව කරුණු රැසක් සාකච්ජා කරන ලදී. මධ්‍යම පළාතේ වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින ප්‍රධානම අමාත්‍යාංශයන් වල පවතින ගැටළු අවමකර ගනිමින් කඩිනමින් සේවා සැපයීමක් ඉලක්ක කර ගැනීමේ අරමුණ ඇතිව මෙම සාකච්ජාව පැවැත් වූ අතර මෙහිදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවට අදාලව දීර්ග කාලයක් නොවිසුදුනු ගැටළු කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති අබේසිංහ හදවලපිටිය, සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් සුජානි එස් විජේතුංග , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , පළාත් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ නිහාල් වික්‍රමසුරිය, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි හේරත් බණ්ඩා , ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ක්‍රිෂාන් වාසලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී
"කඳුකර ප්‍රදේශයන්හි මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" පසුගියදා (21) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිව්ල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ මග පෙන්වීම යටතේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. මෙහිදි රිය අනතුරු වැලැක්වීම සදහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රාදේශීය වැඩපිළිවෙළ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
මහනුවර රාත්‍රී වෙළඳ පොළ ප්‍රගතිය සාකච්ඡාවට
මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) විසින් සංවිධානය කරන ලද සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (19) දින පැවැත්විණි.
මෙම වැඩසටහනට අදාළ පළමු වැඩසටහන ඉකුත් සෙනසුරාදා (16) දින පැවති එම වැඩසටහන සම්බන්ධයෙන් සහ ඉදිරි පැවැත්වීමට නියමිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින්, ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ රාත්‍රී වෙළඳ පොල පළමු අදියර සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලද සියළු පාර්ශවයන් වෙත ස්තූතිය පළ කළේය.මෙම රාත්‍රී වෙළඳපල සඳහා දේශීය මෙන්ම විදේශීය සාචාරකයින්ගේ ද ආකර්ශණය හිමි වූ බවත්, මේ සඳහා ඉදිරිපත් වූ කර්මාන්ත හා ව්‍යවසායකයින් තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා හොඳ වෙළඳපල අවස්ථාවක් නිර්මාණය වූ බව ද පැවසීය.මෙම සාකච්චාවේදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි නගරයේ මාර්ග තදබදය අවම කිරීම, ප්‍රවාහණ සේවා නිසි ලෙස පවත්වාගෙන යාම, වෙළඳ කුටි ප්‍රමාණය වැඩි කිරීම, අලෙවි අවස්ථා පුළුල් කිරීම, පහසුකම් පුළුල් කිරීම, ප්‍රචාරණය, සංවිධානය කටයුතු සඳහා අනු කමිටු පත්කිරීම, අදහස් සහ යෝජනා ලබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි අගොස්තු මස 23 ,30 සහ සැප්තැම්බර් 06 යන දිනවල රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.මධ්‍යම පළාත් සභාව, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, ප්‍රවාහන අංශ ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, සහකාර ලේකම් චාමර අලහකෝන්, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ජාතික විද්වත් සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා (Mr. Andrew patrick) අතර හමුවක් 15 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.මෙහිදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ජා කරන ලද අතර රටේ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙන්ම මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.මෙහිදී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්, මධ්‍යම පළාතේ සිදු කරන ලබන විවිධ නිෂ්පාදන අපනයනය කිරීම, කුළු බඩු වර්ග, වසවිසෙන්තෝරා දේශීය පළතුරු හා එළවළු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡාවට බඳුන් විය.මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා විසින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කරන ලද අතර මෙම අවස්ථාවට , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
