පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

කෙන්ගල්ල විදුහලේ ඉදිරිපිට අවධානම් සහිත මාර්ගය සකස් කිරීමට අවශ්‍ය වන පියවර ගැනීමට උපදෙස්.

පුවත්පත් වාර්තාවක් මගින් පෙන්වාදෙනු ලැබූ කෙන්ගල්ල විදුහලේ ඉදිරිපිට අවධානම් සහිත මාර්ගය සකස් කිරීමට අවශ්‍ය වන පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දේ.
කෙන්ගල්ල ජාතික පාසල හා කෙන්ගල්ල දෙමළ විද්‍යාල දෙකෙහි දරුවන් දිනපතා මෙම මාර්ගය පරිහරණය කරන අතර වර්ෂා සහිත අවස්ථාවල විශාල ජල පහරක් මෙම අනාරක්ෂිත බෝක්කුවට ගලා එයි. කෙන්ගල්ල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙම අනාරක්ෂිත තත්ත්වය පිලිබඳ ආණ්ඩුකාරවරයා දැනුවත් කළ අතර ඒ මොහොතේම පළාත් අධ්‍යක්ෂවරයා දැනුවත් කරමින් කඩිනම් විසදුම් ලබාදෙන ලෙස දන්වනු ලැබිය.

කොවිඩ් වසංගත කාලය තුළදී මධ්‍යම පළාතේ එම වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඇගයීම් .

කොවිඩ් වසංගත කාලය තුළදී මධ්‍යම පළාතේ එම වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් එන්නත්කරණය ඇතුළු විවිධ කාර්යයන්හිදී පලාත් පාලන ආයතන විසින් සිදුකරනු ලැබූ කාර්යයභාරය වෙනුවෙන් ප්‍රසංසාව පළකිරීම හා ඇගයීම් සිදු කිරීම අද දින (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් කෙරින. මෙහිදී සහතිකපත් හා ඇගයීම් ලිපි අදාලා පළාත් පාලන ආයතනය වෙත ලබාදීම සිදු කරන ලද අතර මෙම වැඩසටහන මහනුවර ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
අඩු ආදායම් ලබන පලාත් පාලන ආයතන වුවත් කාලින අවශ්‍යතාවයන් වෙනුවෙන් නොපැකිලිව ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටු කිරීම පැසසුම් සහගත බවත් , එමගින් මුළු රටටම ආදර්ශයක් ලබාදෙමින් ජනතාව අපහසුතාවයට පත් නොකර වඩා විදිමත් ලෙස එන්නත්කරණ කටයුතු පළාතේ පවතින දිස්ත්‍රික් තුනෙහිම එකාබද්ධව සිදුකළ හැකි වූ බව මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහතාම මහත්මීන් සහභාගී විය.

තෙල්දෙණිය බස් නැවතුම්පොළ පාලනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව එක්වී පැහැදිලි තීන්දුවක් ගත යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා

 

තෙල්දෙණිය බස් නැවතුම්පොළ පාලනය කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව එක්වී පැහැදිලි තීන්දුවක් ගත යුතු බවත් , එහිදී පළාත් පාලන පනතේ විධි විධාන සහ මගී ප්‍රවාහන සේවා ප්‍රඥප්ති ප්‍රකාරව කටයුතු කිරීම වඩාත් උචිත වන්නේ යැයි මධ්යම් පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

අද පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවතී විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවේ දුම්බර නිම්නයෙන් මහනුවර අගනගරයට ප්‍රවේශ වන දොරටුව බදුවූ තෙල්දෙණිය නගරයේ ඉදි කිරීම් සහ සංවර්ධනය මිට වඩා විධිමත් විය යුතු බව ය.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදි කල කරල්ලියද්ද නව නගරය අද තෙල්දෙණිය බවට පත්ව ඇති අතර , එහි බස් නැවතුම් පොළ සහ කුඩා මොටර් රථ ගාල් කිරීමේ නැවතුම් පොළ ආශ්‍රිතව පරිපාලනික වශයෙන් පවතින ගැටලු පිලිබදව අදාල ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව තීරණය කිරීම සුදුසු බව පෙන්වා දෙනු ලැබිය.

මෙම අවස්ථාවට මැද දුම්බර ප්‍රාදේශීය සභා සභාපති අශෝක සමරකෝන්.ඇතුළු ජනතා නියෝජිතයන් , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන , සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය

 

 

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානය.

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානය.

උඩහේවාහැට මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රධානය.

මැටිබැඹිය ශ්‍රී ජයතිලකාරාමය, බොරහින්න ශ්‍රී ධම්මාරාමය, කබරගල ශ්‍රී සම්බුද්ධ ජයන්තියාරාමය යන විහාරත්‍රයාධිපති පූජ්‍ය මන්දාරම්නුවර ධම්මජෝති ස්වාමීන්ද්‍රයන්වහන්සේ වෙත ප්‍රදානය කිරීමේ අභිනන්ධන මහෝත්සවය මැටිබැඹිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථානයේදී අතිපුජ්‍ය වේඩුරුවේ ධම්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අස්ගිරි මහා විහාරීය විංසත් වර්ගික කාරක සභාවේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් (25) පැවැත්විය.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.

හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට් සිව්  මහල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ.


පක්ෂ පාට භේද පසෙකලා අතීතය ගැන කතා කරනවට වඩා අද රට තුළ උද්ගතව ඇති ප්‍රමුඛ ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් සෙවීමට සහාය ලබා දීම සැමගේ වගකීමක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ඒ මහතා එලෙස පැවසූයේ හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සව අවස්ථා වට එක් වෙමිනි.
දේශීය විදේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පන්විල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, හුළු ගඟ ප්‍රදේශය පදනම කරගනිමින් නවීකරණය කරන ලද හුළුගඟ ඇල්ල ස්වභාවික ආකර්ෂණීය නැරඹුම් මැදිරිය සහ හුළුගඟ ඇල්ල රිසෝට්  සිව් මහල් නිවාඩු නිකේතනය විවෘත කිරීමේ උත්සවය  (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ වතු සමාගම් ප්‍රතිසංස්කරණ තේ පොල් රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ පොල් රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් හුළු ගඟ ප්‍රදේශයේ දී සිදු කරන ලදී.
පන්විල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් දේශීය විදේශීය සංචාරකයින් මෙම ප්‍රදේශයට ගෙන්වා ගැනීමත් , ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ය. එසේම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ද මීට සමගාමීව ක්‍රියාත්මක කොට ඇත.
රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමේ මූලික ප්‍රභවයන් හා සම්පත් මධ්‍යම පළාත සතුව පවතින බවත්, ස්වාභාවික සම්පත් නිසිලෙස කළමනාකරණය කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කිරීමට මෙන්ම විදේශීය සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා කටයුතු යෙදීම කාලීන අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා රජය මේ වනවිට නව සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරනු ලබන බවද මෙහිදී ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවර මහජන සම්බන්ධතා නිලධාරී එස්.බී රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලිගොල්ල, පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ .ජී. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්,පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ,වත්තේගම නගර සභාවේ සභාපති, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලූකා බුලත්ගේ , ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පන්විල ප්‍රාදේශීය ලේකම් නිරංජන් සේනාධීර හා වතු අධිකාරිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook