පාසල් පුවත්

"ආරම්භයක් කිරීමට ඔබ විශිෂ්ටයකු විය යුතු නැත, නමුත් ඔබට විශිෂ්ටයකු වීමට නම් ආරම්භයක් කළ යුතුය" - ලෙස් බ්‍රවුන්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (12) දින පැවැත්විණි.මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් නියෝජිතවරිය විසින් දැනුවත් කරන ලදි. එමෙන්ම ආපදා තත්ත්වය යටතේ මධ්‍යම පළාතේ සහන වැඩපිලිවෙල සහ ජන ජීවිතය යථා තත්ත්වට පත්කිරීම, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය, තේ හා කෝපි වගා ව්‍යාප්තිය, අයෝජන අවස්ථා ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදි මෙම හමුව සංකේතවත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අදාළ තොරතුරු ඇතුළත ග්‍රන්ථ කිහිපයක් ද ආණ්ඩුකාරවරයා වෙත පිරිනමන ලදි. එමෙන්ම සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.

ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී අතර හමුවක්

ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් (Jayne Howell) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (12) දින පැවැත්විණි.මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා සහ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ‍අනධ්‍යයන සේවක ගැටළු සාකච්ඡාවට

මධ්‍යම පළාතේ අධ්‍යාපන ‍අනධ්‍යයන සේවක ගැටළු සාකච්ඡාවට මධ්‍යම පළාතේ සේවය කරනු ලබන අධ්‍යාපන ‍අනධ්‍යයන සේවක තනතුරුධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණුඩකාර කාර්යාලයේදී (10) දින පැවැත්විණි. මෙම සාකච්ඡාවේදි අධ්‍යාපන ‍අනධ්‍යයන සේවක තනතුරුධාරීන්ගේ සේවයට අයත් සේවා ව්‍යවස්ථාව, බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව එම ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජි. හේරත් බණ්ඩා, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරි ඩි.එම්. හේරත් බන්ඩා, පරිපාලන නිළධාරී අතුල ඒකනායක, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන ‍අනධ්‍යයන සේවක සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් එක් වූහ.

ICC 2026 T 20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ICC 2026 T 20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2026 වර්ෂයේ පවත්වන 20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (22) දින පැවැත්විණි.මෙවර 20-20 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2026 වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වේ. ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.මෙම සාකච්ඡාවේ දී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත තරග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.එහිදි ක්‍රීඩාංගණයේ ආරක්‍ෂක කටයුතු, නරඹන්නන් සදහා පහසුකම් සැලසීම, සනීපාරක්ෂක හා කසල කළමනාකරණය, මාර්ග හා ගමනාගමනය, වීදී ලාම්පු, ප්‍රචාරක හා ප්‍රවර්ධන, පළාතේ සංචාරක හා සංස්කෘතික අංග සදහා අවස්ථාව ලබා ගැනීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞබ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ලේකම් බන්දුල දිසානායක, මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ, මධ්‍යම පළාත් (උතුර) නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහත්ම මහත්මීන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා නිරීක්ෂණයට

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා නිරීක්ෂණයට මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිවූ ආපදා තත්ත්වයන් නිරික්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා (16) දින සහභාගී වූහ.මෙම නිරික්ෂණයේදී මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන සතු නාය යාම් හා පස් කඳු කඩා වැටීම නිසා නිසා ආපදාවට පත්වූ මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංකුඹුර මාර්ගයේ පලීපාන කිරිකොහොවිල, අංකුඹුර කරගහපිටිය යන ස්ථාන සහ අංකුඹුර මිරිස්සල මාර්ගයේ පාරවත්ත ප්‍රදේශයේ නාය ගොස් ඇති ස්ථාන සහ එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ද මෙහිදි නිරීක්ෂණය කරන ලදී.මෙම මාර්ගයන්හී මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනයට සහ ජනතාවට ගමන් කීරිමට හැකි පරිදි මාර්ගය මේ වනවිට පිළිසකර කොට තිබේ. ඉදිරියේදි මෙම මාර්ග සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු රථ වාහන ගමනාගමනය කිරීම සඳහා විවෘත කිරීම සහ විකල්ප මාර්ග සකස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු වූහ. මීට සමගාමීව අංකුඹුර රඹුකේඇල ප්‍රදේශයේ සිදුවූ නාය යාමද නිරික්ෂණය කළේය. මෙම අවස්ථාව සඳහා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව එදිරිසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් එස්.කේ. දීගල , සභා ලේකම් කුෂානී ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook