ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

විකසිත සියපත -2022 මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී.

විකසිත සියපත -2022 මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලය විසින් සංවිධානය කරන ලද විකසිත සියපත 2022 මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල (26)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී විචිත්‍ර හා සම්භාවනීය අංග ගණනාවකින්ම සමන්විත ව පැවැත්විණි .          මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උළෙලට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතා ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික්කය පුරා වෙසෙන සාහිත්‍යකරුවන් ඇතුලු සාහිත්‍ය රසිකයන් ද සමඟ විශාල පිරිසක් එක්ව සිටියහ .             

ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන විසින් නර්තනාංග කිහිපයක්ම උළෙලට එක් කොට තිබිණි.                          ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමෙන් පැවැත්වූ තරග ආදියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහු එක් වූහ.                

මෙහිදී අදහස් දැක්වූ චන්දන තෙන්නකෝන් මහතා කියා සිටියේ වර්තමාන ළමා පරපුර කොයිබටද යන්න බරපතළ ප්‍රශ්නයක් ව මතුවී ඇති බවත්, ඊට තරගකාරී හා විෂයානුබද්ධ අධ්‍යාපන රටාව හේතුවී ඇති බවත් ය.ඉලක්කගත විභාග ජයග්‍රහණ කරා ම දිවෙන මොවුනට අර්බුද ,ගැටලු හා පරාජයන් විද දරා ගැනීම අසීරු වන බව ද, විශ්ව විද්‍යාල මට්ටමේ තරුණ සිසුන් පවා සිය දිවි නසා ගැනීමට පෙළඹීමෙන් එය පැහැදිලි වන බව ද කියා සිටියේය .

 

ප්‍රශස්ත සාහිත්‍ය කලා ඇසුරෙන් මේ තත්ත්වයන්ට විසදුම් මාර්ග සෙවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ නිර්මාණශීලිත්වය අගයන මෙබදු සාහිත්‍යමය රාජ්‍ය උත්සව ඊට පිටිවහලක් වන වග අවධාරණය කරමිනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook