මධ්‍යම පළාත් නිදහස් දින සමරු වැඩසටහන පෙබරවාරි 04 දින
මධ්‍යම පළාත් නිදහස් දින සමරු වැඩසටහන පෙබරවාරි 04 දින
මධ්‍යම පළාත් සභාව හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 78 වන නිදහස් දින සමරු වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (23) දින පැවැත්විණි.මෙවර නිදහස් දින සමරු වැඩසටහන මධ්‍යම පළාත් සහ මහනුවර දිස්ත්‍රික් උත්සවය ලෙසින් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පෙබරවාරි 04 දින පෙරවරුවේ පැවැත්වීමට තීරණය කෙරිණී.
ඒ අනුව උත්සව කටයුතු සංවිධානය කිරීම, ආරක්ෂක අංශ සහ පාසල් සිසුන්ගේ ආචාර පෙළපාලි හා තූර්‍යවාදන, සංස්කෘතික අංග පැවැත්වීම, ඇතුලු
කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්ම මහත්මින්ම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා අයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ නියෝජිතයින්, ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.
