ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 29 දින මයිලපිටියේදී

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 29 දින මයිලපිටියේදී

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය 29 දින මයිලපිටියේදී ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව පවත්වනු ලබන මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සංකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභය‍කෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යලයේදී (20) දින පවැත්විණි.මෙවර මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය එළඹෙන මැයි මස 29 වන දින මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.මෙහිදි මෙම සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු හා සුදානම පිළිබඳව ආයතන රැසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ජාව පවැති අතර රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙවරද උත්සවය පවැත්වේ.මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මධුපානි පියසේන, මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ ප්‍රධානින්, ජාතික රණවිරු අධිකාරිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook