ජාතික සුපිළිපන් සතිය 2025” මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට සාකච්ඡාවක්
“ජාතික සුපිළිපන් සතිය 2025” මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට සාකච්ඡාවක්
“ජාතික සුපිළිපන් සතිය 2025” මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී (26) දින පැවැත්විණි.ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ අචාරධර්මීය කුළුණ යටතේ, සුපිලිපන්භාවය ජාතික සංස්කෘතියක් බවට පත්කිරීමේ අභිලාෂයෙන් හා එළඹෙන දෙසැම්බර් 09 දිනට යෙදෙන අන්තර්ජාතික දූෂණ විරෝධි දිනය මුල්කොටගෙන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන්” ලංකාවක් තේමාව යටතේ “ජාතික සුපිලිපන් සතිය 2025” දෙසැම්බර් මස 05 දින සිට 09 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.මේ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ වැඩසටහනට බද්ධ වෙමින් එහි දැක්ම හා මෙහෙවර ඔසසේ, මධ්‍යම පළාත් තුළ ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා, අදහස් ලබාගැනීම සහ ඒ් සඳහා අදාළ ආයතනවල සහාය ලබා ගැනීමේ අරමුණු ඇතිව මෙම මූලික සාකච්ඡාව පැවැත්විණි.මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාපනයේ ලේකම් ජගත් අධිකාරි, මාතගේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ්.ඩී.ටී.ඒන්.තෙන්නකෝන්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ යන මහත්ම මහත්මින්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.
