මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අති දුෂ්කර කොට්ඨාස පදනම් කර ගනිමින් සෑම මසකම අවසන් සතියේ සෙනසුරාදා දින පවත්වන සභාපති ජංගම සේවා වැඩසටහනේ 9 වන අදියර 2022.09.24 දින දික්කිරිය වසම මූලික කර ගනිමින් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් දික්කිරිය ප්‍රජා ශාලාවේ දී පැවැත්විණ.
කසල කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය (28 ) දා මහනුවර නගර සභාවේ කසළ බැහැර අංගනයේදි පැවැත්විය.
මහනුවර මහ නගර සභාවේ යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර මෙහිදි පළාත් පාලන ආයතනවල කසළ කළමණාකරනයේ වැදගත්කම පිළිබදව දැනුවත් කරන ලදී . එසේම ක්ෂේත්‍රය පිළිබද දැනුවත් කිරීම නගර සභාවේ මහජන සෞඛ්ය පරීක්ෂක සම්පත් මහතා විසින් සිදු කරන ලදි. මෙම පුහුණු වැඩසටහන සදහා තාක්ෂණ නිලධාරීන්, තාක්ෂණ සහායක නිලධාරීන්, පරිසර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා විෂය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය .
ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් MDTU හිදී.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් (21) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
රාජකාරි කටයුතු වඩා කාර්යක්ෂම හා ජනතා හිතවාදී ලෙස ඉටු කිරීමේදී කාලිනව නිලධාරින් තුළ ගොඩනගාගත යුතු ආකල්පමය පරිවර්තයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් ටී.එම්.පාරමී තෙන්නකෝන් මහතා විසින් ලබාදෙන ලදී.
සේවා අභිමානයක් ඇති කරමින් නව නිර්මාණශීලි දැක්මක් සමගින් පුද්ගල සංවර්ධන ඇති කිරීමත් එමගින් ආයතනයන්හි කාර්යඵල ඉහළට ගෙන ඒමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.
පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන නිලධාරීන් සදහා නිලධාරීන් ''ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය (Self Development & Self Management )" පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (15) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුජාන් නානායක්කාර මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. සංවාදාත්මක හා සහභාගිත්ව ස්වරූප පැවැත් වූ මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පරිපාලන නිලධාරීන් පිරිසක් සහභාගි විය.
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු කණිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සදහා '' මහජන සම්බන්ධතාව හා දුරකථන ආචාර විධි " පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (09) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි.
යහපත් මහජන සම්බන්ධතාව හා රාජ්‍ය සේවයේදී රාජ්‍ය සේවකයාගේ වගකීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරුණු අතර සම්පත් දායකයා ලෙස මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා සහභාගී විය .
සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හා සංවාදාත්මක ස්වරූපයෙන් පැවැති මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.
.
