ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට.

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට.

 

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පවත්වන ලද මධ්‍යම පළාත් පැසිපන්දු  තරගාවලියේ  කාන්තා හා පිරිමි ශුරතාවයන් දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. 

 

මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගය සදහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම තරග වැදී අතර එහි දී ලකුණු 72 – 40ක් ලෙස වාර්තා කරමින් මහනුවර කණ්ඩායම ශුරතාවයට හිමිකම් කිය. එහි අනුශූරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

කාන්තා අවසන් තරගයේදී මාතලේ පිල පරදවමින් ලකුණු 62-14ක් ලබා ගනිමින් මහනුවර කණ්ඩායම ශුරතවය හිමිකර ගන්නා ලදී. එහි අනුශුරතාවය මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සතු විය.  

මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය මත ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර මහ නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පසුගියදා පවත්වන ලද අතර සහතිකපත් හා පදක්කම් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග මහත්මිය එක්විය.

මධ්‍යම පළාත් වුෂූ තරගාවලිය දිගන දී.

මධ්‍යම පළාත් වුෂු තරගාවලිය දිගනදී!

 

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ වුෂු තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විය.

 

ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී  මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැන්සු හා තාඔලු යන අංශයන්ගෙන් තරග වදින ලදී. 

 

මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ  පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින්  සංවිධානය කොට පැවති අතර මෙම අවස්ථාවට ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග ,දිස්ත්‍රික් සම්බන්ධිකරණ ක්‍රීඩා නිලධාරි ලක්ෂ්මන් විජේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රීඩා නිලධාරින් රැසක් සහභාගී වුහ.

මධ්‍යම පළාත් ක්‍රිකට් ජය මහනුවර ට හා මාතලේට.

මධ්‍යම පළාත් ක්‍රිකට් ජය මහනුවර ට හා මාතලේට.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර, එහි කාන්තා ශූරතාවය දිනා ගන්නා ලද්දේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම විසිනි.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුනු අතර,අවසන් තරගයන් සදහා සුදුසුකම් ලැබීමට මහනුවර හා මාතලේ කණ්ඩායම් සමත් විය. තරගාවලියේ පිරිමි අනුශුරතාව මාතලේ දිස්ත්‍රික් කන්ඩායම විසින් ද කාන්තා අනු ශුරතාව මහනුවර කණ්ඩායම ද හිමිකර ගන්නා ලදී.
මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධික්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් තරගාවලිය සංවිධානය කොට පැවතුණි.

දැල්පන්දු නායිකා ගයන්ජලීට උපහාර.

දැල්පන්දු නායිකා ගයන්ජලීට උපහාර.


පසුගිය දා සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු ශුරතා තරගාවලියේ අවසන් තරගයේ දී ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයන්ජලී අමරවංශ මෙනෙවියට උපහාර දක්වා සුබ පැතීමේ උළෙලක් ඇය පදිංචි කටුගස්තොට , කහල්ල ප්‍රදේශයේ දී ඉකුත් දා පැවැත්විණි.
පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ද සහය ඇතිව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද මේ උපහාර උළෙලට පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක බණ්ඩාර අබේසිංහ මහතා , පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය , පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු ආරාධිතයන් ද, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
දැල්පන්දු නායිකා ගයන්ජලී අමරවංශ මෙනෙවිය ද උත්සව සභාව ඇමතුවා ය.

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී ජය මාතලේ ට හා මහනුවර ට.

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී ජය මාතලේ ට හා මහනුවර ට.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. එහි කාන්තා ශූරතාවය දිනා ගන්නා ලද්දේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසිනි.
මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුනු අතර, පිරිමි අවසන් තරගයේ දී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 03-02 ලෙස වාර්තා කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. කාන්තා අවසන් තරගයේ දී මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූයේ ගෝල 05-03 ලෙස වාර්තා කරමිනී. මෙම තරගාවලියේ අනුශූරතාවයන් පිළිවෙලින් මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම (පිරිමි) හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් (කාන්තා)සතු විය.
මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට පැවතුණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook