ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට නව සැලසුම්.

රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ. දරුවන්ට ,දෙමාපියන්ට පාසල් ගුරුවරයා පිළිබදව පවතින ආකල්පයන් නිසා අතිරේක පන්තිවලට අද දරුවන් යොමු කරනවා. ගුරුවරයාගේ වගකීම පාසල තුළ ඉටුවෙනවා නම් මෙලෙස අර්බුදයක් අද ඇති වෙන්නේ නෑ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද ,වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. අද පවතින තරගකාරී විභාග ක්‍රමය තුළ දරුවා මෙන්ම දෙමාපියන්ද පිඩනයට ලක්වන බවත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය උදාවී පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට ගෙන ඇති නව සැලසුම් පිළිබදව ඉකුත්දා (27)මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , රාජ්‍ය සේවය තුළ පවතින කාර්ය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් නිරන්තරයෙන් වෙනස්විය යුතුයි . දක්ෂතාවය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් වගකීම් ඉටුකිරීම වෙනුවෙන් වූ නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව අවශ්‍ය වන බවත් , විදුහල්පතිවරුන්ගේ , ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම් ක්‍රමය ද කාලීනව වෙනස් විය යුතු බව පැවසිය. මෙහිදී අධ්‍යාපන ක්‍රමවේදයන් ගුණාත්මකව ප්‍රවර්ධනය කිරීම , පරිපාලන ක්‍රමවේදයන් අධික්ෂණය , ගුරු විදුහලිපතිවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රමවේද , පාසල් පරිපාලනය විදිමත් කිරීම , පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පැනනගින ගැටළු , ගුරු භුමිකාවේ වගකීම් සහිත බව ,කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේද , දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ ක්‍රමවේද , ඇතුළු අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජා විය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , අධ්‍යාපන අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න , පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් සහභාගී වුහ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ දරුවන්ට ,දෙමාපියන්ට පාසල් ගුරුවරයා පිළිබදව පවතින ආකල්පයන් නිසා අතිරේක පන්තිවලට අද දරුවන් යොමු කරනවා. ගුරුවරයාගේ වගකීම පාසල තුළ ඉටුවෙනවා නම් මෙලෙස අර්බුදයක් අද ඇති වෙන්නේ නෑ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද ,වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. අද පවතින තරගකාරී විභාග ක්‍රමය තුළ දරුවා මෙන්ම දෙමාපියන්ද පිඩනයට ලක්වන බවත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය උදාවී පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට ගෙන ඇති නව සැලසුම් පිළිබදව ඉකුත්දා (27)මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , රාජ්‍ය සේවය තුළ පවතින කාර්ය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් නිරන්තරයෙන් වෙනස්විය යුතුයි . දක්ෂතාවය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් වගකීම් ඉටුකිරීම වෙනුවෙන් වූ නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව අවශ්‍ය වන බවත් , විදුහල්පතිවරුන්ගේ , ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම් ක්‍රමය ද කාලීනව වෙනස් විය යුතු බව පැවසිය. මෙහිදී අධ්‍යාපන ක්‍රමවේදයන් ගුණාත්මකව ප්‍රවර්ධනය කිරීම , පරිපාලන ක්‍රමවේදයන් අධික්ෂණය , ගුරු විදුහලිපතිවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රමවේද , පාසල් පරිපාලනය විදිමත් කිරීම , පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පැනනගින ගැටළු , ගුරු භුමිකාවේ වගකීම් සහිත බව ,කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේද , දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ ක්‍රමවේද , ඇතුළු අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජා විය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , අධ්‍යාපන අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න , පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් සහභාගී වුහ.

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනේ.

ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා (27) පෙරවරුවේ පැවැත්විණ. විශේෂ කඩයිම් විභාගයකින් අනතුරු ව සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත් සිසුන් 160 දෙනෙකු (සිංහල මාධ්‍ය සිසුන් 120 ක් ද දෙමළ මාධ්‍ය සිසුන් 40 දෙනෙකු )මෙලෙස ඇතුලත් කරගන්නා ලදී. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා පවසා සිටියේ රටට ජාතියට ආදරය කරන දරුවන් පිරිසක් පාසල් අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත්, රටේ තිබෙන තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ විභාග ඉලක්ක කරගෙන දරුවා මෙහෙයවීමට දෙමාපියන්ට සිදුව ඇති බැවින් ජනාධිපතිතුමා ඇතුළු රජයේ බලාපොරොත්තුව වන්නේ මෙම විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපන රටාවේ වෙනසක් ඇති කිරීමයි. එසේම දැනුම, කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ වැඩ ලෝකයට ගැලපෙන වැඩදායි දරුවන් පිරිසක් බිහිකිරීමට නම් දරුවන්ට අමතර පන්ති වලින් තොරව ආත්ම විශ්වාසයෙන් යුතුව ජාතිය වෙනුවෙන් ,දරුවන් වෙනුවෙන් තම සේවය ඉටුකිරීම ගුරුවරුන්ගේ වගකීම බව ද වැඩිදුරටත් සදහන් කළේය.මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.එම් යූ.බී හේරත් මහතා,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා විද්‍යාලයේ නිර්මාතෘ පාලිත ඇල්කඩුව මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 103 වන සංවත්සර මහා සභා රැස්වීම.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 103 වන සංවත්සර මහා සභා රැස්වීම දිසා ශාඛාවේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත් විණ. එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , අපේ දරුවන්ට විනයක් ,හික්මීමක් ඇතිව ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමේදී බාලදක්ෂ ව්‍යාපාරයට වැඩි වටිනාකමක් හිමිවන බවත්, අද රටේ පවතින විවිධ සමාජ ව්‍යසනයන් ජය ගැනීමට හැකි පරපුරක් බිහිකිරීමේ සමාජ වගකීම ඉටුකිරීමට බාලදක්ෂ ව්‍යාපාරයට හැකියාව පවතින බවත් පැවසිය. මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ වාර්ෂික ඇගයීම් තරගාවලියේ වැඩිම රන්තරු ලාභී පෝතක බාලදක්ෂ කණ්ඩායම් අතරින් දෙවන ස්ථානය හිමිකරගත් මහනුවර ධර්මරාජ විදුහලත්, ශ්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ වාර්ෂික ඇගයීම් තරගාවලියේ වැඩිම රන්තරු ලාභී බාලදක්ෂ කණ්ඩායම් අතරින් දෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයත් හිමිකරගෙන ඇති අතර එහි සහතික පත්‍ර ප්‍රධානය කිරීම හා නව නිලධාරින් පත්කර ගැනීම මෙහිදී සිදුවිය.මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් රුවන් ආරියරත්න , මහනුවර දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය පත් කෙරේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා පත්වීම් ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය පසුගියදා (23) පල්ලේකැලේ පිහිටි එම කාර්යාල පරිශ්‍රයේදී සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කෙරිණ. අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා පත්වීමට ප්‍රථම මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවාය.

මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ කනිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී අද (22) පැවැත්විණි. මාර්ග අමාත්‍යාංශයේ සේවයේ නියුතු එම්.කේ. ජී. අසංක කුලතුංග මහතා මෙහි සම්පත් දායකත්වය දැරිය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook