ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20ක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන එච්.එම්.එම්.යු.බී. හේරත් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද දින (19) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණ. මහනුවර ධර්මාරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධියත් , සමාජ විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගන්නා ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම සිය ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධියත් ලබාගනී. ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2003 වර්ෂයේ එක්වන ඒ මහතා පල්ලේපොල හා කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , ගොවිජන සේවා සහකාර කොමසාරිස් - (නුවරඑළිය ) ලෙසත් , කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් සංචාරක කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් , පුරනගුම ව්‍යාපෘති යේ පළාත් අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති හේරත් මහතා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අද ආරම්භ කරන ලදී.

අජිත් ප්‍රේමසිංහ මහතා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට.

අජිත් ප්‍රේමසිංහ මහතා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ධුරයට අභිනවයෙන් පත් කළ ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධරයකු වන අජිත් ප්‍රේමසිංහ මහතා අද දින (19 ) පෙරවරුවේ සුබ මොහොතින් පල්ලේකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළේ ය. කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය වාණිජ විෂය ධාරාවෙන් ලබා ගෙන ඇති ප්‍රේමසිංහ මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1994 දී ප්‍රේමසිංහ මහතා රාජ්‍ය සේවයට එක්වන්නේ තැපැල් සේවා නිලධාරියෙකු වශයෙනි. අනතුරුව ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්- සැපයුම් නිලධාරි තනතුරේ සේවයේ නිරත වී ඇත.1998 වර්ෂයේදී යි ප්‍රේමසිංහ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන්නේ. ඔහු පළමු කොටම තිස්සමහාරාම සහකාර ඉඩම් කොමසාරිස් ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කරයි. අනතුරුව මහියංගනය සහකාර ඉඩම් කොමසාරිස් තනතුර හෙබවූ ඒ මහතා වර්ෂ 2000 - 2006 දක්වා උඩදුම්බර හා පූජාපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළේ ය. ඉන් පසුව ලග්ගල, යටවත්ත, පන්විල හා පාතදුම්බර යන බල ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ ඔහු පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කළේ ය. පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඒ මහතා පත් වන්නේ ඉනික්බිතිව ය. මධ්‍යම පළාත් සභා සේවයට ප්‍රේමසිංහ මහතා එක්වන්නේ එහි මාර්ග සංවර්ධන , ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙනි. පසුව ඔහු මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරිණ. පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරය දරමින් පළාතේ පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල හා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරලීමට ඔහු දැක්වූ උනන්දුව අපමණ ය. මේ අතරවාරයේ අමාත්‍යාංශයේ සෙසු විෂය ක්ෂේත්‍ර විධිමත්ව හා කාර්යක්ෂම ව සක්‍රිය කරලීමට ද ඔහු මහත් සේ වෙහෙස වී කටයුතු කළේ ය. ප්‍රේමසිංහ මහතා පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ හා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේදී .

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේදී . එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම මුදාගෙන වසර 14ක් සපිරීම නිමිත්තෙන් 2023 ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව සංවිධානය කළ මධ්‍යම පළාත් රණවිරු දින සැමරුම් උළෙල පසුගියදා ( 18 ) පෙරවරුවේ මයිලපිටිය ජාතික රණවිරු අනුස්මරණ උද්‍යානයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා සඳහන් කළේ පුරා දශක තුනක කාලයක් රට තුළ ඇවිලී තිබූ යුද ගිනි නිවා දමා, ජාති, කුල ආගම් පසෙකලා සියලු දෙනාගේ සිත් සතන් වලට ‘නිදහස’ උදාකර දෙමින් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවස්ථාව උදාකර දුන් දිනය සැමරීම නිසා මෙම සැමරුම ඉතා සුවිශේෂ වන බවයි.

පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව වැඩසටහනක්.

පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති පසුබිමක කොමසාරිස් හා ලේකම් යන ප්‍රධානීන් විසින් මහජන අවශ්‍යතා කාර්යක්ෂමව, නිවැරදි ව හා ඵලදායී අන්දමින් ඉටු කරනු ලැබීම සඳහා වූ සුදුසු පියවර අනුගමනය කරලනු වස් පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දුන් උපදෙස් මාලාව සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු පිළිබඳව විමසා බැලීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රෝහණ දිසානායක , නාලක කෝට්ටෙගොඩ යන මහජන නියෝජිතයන් ද, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතා ද, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීහු ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ද, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු ද, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද සහභාගී වූහ. මෙහිදී උක්ත මාර්ගෝපදේශයනට අදාළ ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් පළාත් පාලන ආයතන සතු මහජන සේවා වගකීම නිවැරදිව හා කඩිනමින් ඉටු කරලනු පිණිස සහභාගී කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් දීර්ඝ ව කරුණු විමසා බලන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook