මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීම සදහා යහපත් වූ සෞබ්‍යය තත්වයක් ගොඩනැගීම වෙනුවෙන් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ ප්‍රජා සෞබ්‍යය වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතාගේ මුලිකත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
සෞබ්‍යය වෛද්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දී අමදෝරු මහත්මිය ඇතුළු නිලධාරින් හා බල ප්‍රදේශයේ ජනතාව සහභාගී වුහ.
කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයේ පවතින ප්‍රධාන මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නගර සභාව මගින් දියත් කෙරේ. මිට සමගාමිව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පවතින කාණු පද්ධතිය පවිත්‍ර කිරිමේ වැඩසටහන පිලිමතලව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට සිට නගරයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීම සිදු කරන ලදී.
මහජනතාවට කිසිදු අපහසුවක් ඇති නො වන අන්දමින් එළැඹෙන ඇසළ පෙරහැර මංගල්‍යයට පෙරාතුව මහනුවර නාගරික අපජල ව්‍යාපෘතිය නිම කොට එහි පැවැත්ම හා නඩත්තුව පිළිබඳ සියලු වගකීම් මහනුවර මහා නගර සභාව වෙත භාර දිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. පසුගිය සමයේ මහනුවර සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති කිහිපයක් ම අතරමඟ නැවතී ඇති බව පෙන්වා දුන් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බව ය. මධ්‍යම පළාත් සභාවේ උපරිම සහය මේ වෙනුවෙන් ලබා දෙන බව සඳහන් කළ ගමගේ මහතා ඕනෑම ව්‍යාපෘතියක් පසුවිපරම් කිරීමේ වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කළේ ය.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය, ඉදිරි සැලසුම් හා කාර්යයන් සම්බන්ධයෙන් (24) අද දින පස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක මුලසුන දරමිනි.
මේ සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් රෝහිත ලාල් ධර්මසිරි මහතා හා ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එන්.රණතුංග මහතා ද, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.සමරදිවාකර මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්. විජේපාල මහතා හා මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ද ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
2023 වර්ෂයේ මධ්‍යම පළාතේ පවතින පළාත් පාලන ආයතන වල කාර්යය මණ්ඩල නිළධාරින් දැනුවත් කිරීමේ ආරම්භක පුහුණු වැඩමුළුව පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරින.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම පුහුණු වැඩසටහන් සංවිධානය වන අතර මෙම වර්ෂයේ පළමු වැඩසටහන ලෙස පළාත් පාලන ආයතනයක වර්ෂය අවසානයේ පිළියෙල කරන අවසන් ගිණුම නිවැරදිව හා නියමිත කාලයට ගිණුම් ගත කර අවසන් කරගැනීම පිළිබඳව පළාත් පාලන ආයතන වල විෂය නිළධාරින් හා විමර්ශන නිළධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය වී පැවතුනී.
මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේනේතුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.
පළාත් පලාන ආයතන මගින් සිදුකරනු ලබන කසල කලමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කොට පැවතුනි.
යටවත්ත ප්‍රාදේශීය සභාවේ කසල කලමනාකරන අංශයේ සේවක පිරිස හා නිලධාරීන් සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරණ කටයුතු පිලිබද ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබදව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පෙන්වාදීම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු විය.
- මහනුවර වැව සුරක්ෂා කිරීමේ කළමනාකරණ කමිටුව රැස්වේ.
- ප්‍රතිපත්තියක් නොමැතිකම - ප්‍රතිපත්තියක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි .- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ.
- විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට හැකියාව ලැබේ - ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්රදානෝත්සවය අමතමින් පවසයි.
- පළාතේ ආයුර්වේදය නංවාලීමට ඒකාබද්ධ නව වැඩපිළිවෙලක්.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
