ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

කුණ්ඩසාලේ ආහාර පරිහරණය පිලිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ආහාර සෞඛ්‍ය සුරකිමු’ තේමාව යටතේ ආහාර පරිහරණ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව හා දිගන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග එක්ව පැවැත්විය. මෙහිදී දිගන කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගන්නාලදී.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් බල බලප්‍රදේශයේ කුකුල් පැටවුන් හා පොල් පැළ ලබා දීමේ වැඩසටහනක්.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් බල බලප්‍රදේශයේ කුකුල් පැටවුන් හා පොල් පැළ ලබා දීමේ වැඩසටහනක්. සත්ව පාලනය හා කෘෂි භෝග වගා කිරීමේ කටයුතු සඳහා උනන්දු කරවීමත්, පෝෂණ තත්වය නගා සිටුවීමට මෙන්ම අමතර ආදායමක් ලබා ගැනීමට මග උදාකිරීමේ අරමුණින් කරන ලද ව්‍යාපෘතියේ දෙවන අදියර උකුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් යන දරු දැරියන් සඳහා කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මා/උකු ඇල්කඩුව සිංහල විද්‍යාලය, මා/ ලෑලිඅඹේ ප්‍රාථමික විද්‍යාලය , මප/මා කටුදෙණිය මහා විද්‍යාලය , මා/උකු බෝවත්ත ශ්‍රී සුමංගල විදුහල, මා/ ඕවිලිකන්ද ප්‍රාථමික විද්‍යාලය, යන පාසල්වල අඩු ආදායම්ලාභී පාසල් ළමුන් සඳහා එක් කුකුළු පැටියෙක් කිකිලි පැටවුන් 09ක් සහ පොල් පැළ ලබා ලබාදීම 2022.12.16 වන දින පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමාපිය සහභාගිත්වයෙන් සිදු කෙරිණි. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති, ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ, එච්.එම් .එම්.යූ.බී. හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උකුවෙල ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සැලසුම් අධ්‍යක්ෂ තුමාගේද සහභාගීත්වයෙන් මෙම වැඩසටහනඉතා සාර්ථකව නිමවිය.

පේෂකර්මාන්ත ශිල්පී ප්‍රණාම හා 'පෙහෙකම් ප්‍රභා 2022' අත් යන්ත්‍ර රෙදි පිළි අලෙවි ප්‍රදර්ශනය.

මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කළ පේෂකර්මාන්ත ශිල්පී ප්‍රණාම උළෙල 2022 ඊයේ (24) පස්වරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් තෙවන මහලේ පැවැත්වෙන 'පෙහෙකම් ප්‍රභා 2022' අත් යන්ත්‍ර රෙදි පිළි අලෙවි ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි. මෙහිදී පේෂකර්මාන්ත නිර්මාණ තරග ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් ජයගත් පේෂකර්ම උපදේශිකාවන් හා කාර්මිකාවන් 152 දෙනෙකුට සම්මාන, ත්‍යාග හා සහතික පත් පිරිනමන ලදී. මේ තරග අයිතම ගණනාවක් යටතේ ය. උළෙල පැවැත්වූයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි .පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා , ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිදිගොඩ යන මහත්ම මහත්මීන්ද, පලාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු කාර්‍ය මණ්ඩලයද මේ අවස්ථාවට එක්ව සිටියහ .

විපතට පත් වන ජනතාවට සේවා ලබාදීමට විශේෂ අපදා තොරතුරු ඒකකයක්.

පළාතේ ආපදාවන් පිලිබදව කඩිනමින් තොරතුරු ලබා ගැනීම සහ අවශ්‍ය සහායක ආයතන අතර සම්බන්ධිකරණයන් සිදු කොට විපතට පත් වන ජනතාව වෙත සේවා ලබාදීමේ අරමුණෙන් විශේෂ අපදා තොරතුරු ඒකකයක් මහනුවර යටිනුවර විදියේ මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කෙරෙනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුව , පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම ඒකකය ක්‍රියාත්මක කෙරෙන අතර මහනුවර, මාතලේ සහ නුවර එලිය යන දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් වරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් . මාර්ග ,සෞඛ්‍ය , ආරක්ෂක , අපදා කළමනාකරණ සහ සමාජ සුබ සාධන ඇතුළු අංශ හරහා තොරතුරු ලබා ගැනීමට සහ අදාළ අංශ වෙත යොමු කිරීමට සැලසුම් කොට ඇති බව ප්‍රධාන ලේකම් වරයා දැනුම් දෙයි. ඔබ ප්‍රදේශයේ හෝ අවට යම් අවධානමක් වේනම් එවන් තත්වයන් පිලිබදව වහාම ගමේ ග්‍රාම නිලධාරිවරයා මගින් ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දෙන ලෙසත් , අදාල සියලු කණ්ඩායම් වට්ස් ඇප් සමුහයක් මගින් එක් කොට ඇති අතර අවශ්‍යතා අනුව කඩි නමින් මධ්‍යම පළාත් සභාවේ අවශ්‍ය සහායන් ලබා දීමට කටයුතු කරනු ලබන බවත් වැඩිදුරටත් ප්‍රධාන ලේකම්වරයා දන්වා සිටියි.

වර්ෂාව බිලි ගත් දරුවන්ගේ අවසන් කටයුතු සදහා පළාත් සභාවෙන් මුල්‍ය ආධාර .

වර්ෂාව බිලි ගත් දරුවන්ගේ අවසන් කටයුතු සදහා පළාත් සභාවෙන් මුල්‍ය ආධාර . අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් සහ පස් කන්දක් කඩා වැටී 18 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයෙක් හා තරුණියක් ජීවිතක්ෂයට පත් විය. එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් නිවස මතට කඩා වැටී ඇති අතර ඉන් සිදුවූ අනතුරෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලබා අයෙක් රෝහල්ගත කර ඇතැයිද සඳහන් වේ. පුද්ගලයින් පස්දෙනෙක් එම නිවසේ සිට ඇති බවත් එම අනතුරෙන් 12 හැවිරිදි දැරියක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු පළාත් සභාවේ නිලධාරින් එම ප්‍රදේශයට ගොස් විපත් පත් වුවන් පිලිබදව විමසා බැලු අතර ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් පළාත් සභාවේ මැදිහත් වීම ලබා දීමට පියවර ගනු ලැබිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි ජිවිතක්ෂයට පත් දරුවන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය අරමුදලෙන් රුපියල් 50,000.00 බැගින් ලබාදීමට කටයුතු කරනු ලබන බව අරමුදලේ ලේකම් සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පැවසිය. මියගිය දරුවන්ගේ දේහයන් ජම්බුගහපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ ය=තැන්පත් කොට ඇති අතර මෙම මෘත දේහයන් පිළිබදද ප්‍රධාන ලේකම් වරයා විමසා බැලිය. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ සහ පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ද ද එක්විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook