ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් හඟුරන්කෙත කලාපයේ දී

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් හඟුරන්කෙත කලාපයේ දී පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් හඟුරන්කෙත කලාප කාර්‍යාලයේදී පසුගියදා (24) පැවැත්විණි. මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත් වූ අතර, එය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝ සංස්කරණය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් සමන්විත විය. හඟුරන්කෙත කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.බී.එම්. සමරසේකර මහත්මියගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට දියතිලක මධ්‍ය මහා විද්‍යාලය, වික්ටෝරියා ජාතික පාසල හා රහතුන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මැදරට සාමන්‍ය පෙළ ඉහළ නැන්වු නිලධාරීන් ඇගයේ, විදුහල්පතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

මැදරට සාමන්‍ය පෙළ ඉහළ නැන්වු නිලධාරීන් ඇගයේ, විදුහල්පතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024/2025 විභාගයෙන්, මධ්‍යම පළාත ජාතික මට්ටමින් ඉහළ නැංවීමට දායක වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇගයීම හා විදුහල්පති පත්වීම් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.ඒ. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇගයීමට ලක් කෙරිණි. 2024/2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික මට්ටමින් සිව්වන ස්ථානය දක්වා ඉහළට ඒමට මධ්‍යම පළාතට හැකි වූ අතර මහනුවර අධ්‍යාපන කලාපය විසින්, දිවයිනේ අධ්‍යාපන කලාප අතරින් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදි. ඒ අනුව මෙහිදි ප්‍රතිඵල ඉහළ නැංවීමට දැක්වූ දායකත්ව මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත රන්, රිදි හා ලෝකඩ වශයෙන් සම්මාන ප්‍රදානය සහ ප්‍රශංසා සහතික පිරිනැමිම සිදු කෙරිණි.මීට සමගාමීව පුරප්පාඩුව පැවති පාසල් කිහිපයක විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජි.එස්. නිශ්ශංක, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

අධ්‍යාපන පරිපාලන සේවයේ මධ්‍යම පළාතේ වෘත්තීය ගැටළු සාකච්ඡාවට

අධ්‍යාපන පරිපාලන සේවයේ මධ්‍යම පළාතේ වෘත්තීය ගැටළු සාකච්ඡාවට මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.ඒ. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී (23) පැවැත්විණි.මෙම සාකච්ඡාවේදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පවතින ගැටළු හා ඉදිරියේදි බඳවා ගැනීමට නියමිත නවක අධ්‍යාපන පරිපාලන සේවා පත්වීම්ලාභීන් ස්ථාන ගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද ක්ෂේත්‍රය තුළ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ සභාපති, එව්.වී.ටී. සේනාධිර, ලේකම් ඩබ්.ඒ. එස්. දේශප්‍රිය යන මහත්ම මහත්මින් අතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලේකැලේ දී

අල්ලස හා දුෂණයෙන් තොර සුසැදි දේශයක් කරා පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලේකැලේ දී අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ මැයෙන් හා සංවර්ධිත රටක් බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවන්න තේමාවෙන් මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බි. එස්. අභයකෝන් මහතාගේ හා අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ කේ.බි. රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පල්ලේකැළේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්විණ . මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවර මහාචාර්ය එස් බි එස් අභයකෝන් මහතා සදහන් කර සිටියේ අල්ලස දුෂණය වැලැක්වීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් අල්ලස දුෂණය වැරදි සිදුකරන පුද්ගලයින්ට නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත්ය. අල්ලස වැලැක්විය හැක්කේ තමන් සුපිළිපන්න වුවහොත් පමණක් බව හා අල්ලස හා දුෂණය වැලක්වීමට පිළිතුර සුපිළිපන්න මිනිසෙකු විම බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළ සිටියා. මෙම අවස්ථාවට මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රංග දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන, වැඩබලන පළාත් පාලන කොමසාරිස් ඉනෝදනී තඹවිට ඇතුළු මහත්ම මහමින් පිරිසක් ඊට සහභාගී වුහ.මෙම වැඩසටහන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හා මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබුණ.

දරුවන්ගේ හඬ සහ අයිතිවාසිකම්වලට අවස්ථාවක්

දරුවන්ගේ හඬ සහ අයිතිවාසිකම්වලට අවස්ථාවක් "අපේ හඬ අපේ අයිතිවාසිකම්" යන තේමාව යටතේ 'දරුවන් වෙනසක් වෙනුවෙන් කතාකරයි' යන්න උදෙසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තෝරා ගත් ප්‍රදේශ කිහිපයක ළමා සමාජවල දරුවන් විසින් ඔවුන් විසින් මූණ පාන ගැටලු පිළිබඳව වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමේ අධිවාචන වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (19) පැවැත්විණී.මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සේව් ද චිල්රන් (Save The Children) ආයතනය හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණී.මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්තවල වතු ආශ්‍රිතව සහ ළමා නිවාස වල මෙන්ම නාගරික ජනාවාස වල ජීවත්වන දරුවන් හා ආබාධ සහිත දරුවන් නියෝජනය වන ළමා සමාජයන්හි දරුවන් විසින් ඔවුන්ගේ අධ්‍යාපන සංවර්ධනයට බලපාන බාධක පිළිබඳ චිත්‍ර මාධ්‍යයෙන් සහ නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කිරීමක් හා විද්වත් සාකච්ඡාවක් ද මීට සමගාමීව පැවැත්විණී. මෙම වැඩසටහන සදහා මධ්‍ය පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් ප්‍රදීප් කුමාර, මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය අධ්‍යක්ෂ සෂී ස්ටීවන්, Save the Children ආයතනයේ ළමා අයිතිවාසිකම් සම්බන්ධ තාක්ෂණික උපදේශක, බුද්ධිනි විතානගේ යන මහත්ම මහත්මින් ඇතුලූ දූ දැරුවන් පිරිසක් එක් වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook