ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

පලාපත්වල ආයුර්වේද මධ්‍යස්ථානය හා පලාපත්වල මහජන පුස්තකාලය විසින් පලාපත්වල බුද්ධගෝෂ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාල භූමියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සංවිධානය කළේ මාතලේ ප්‍රාදේශීය සභාව යි.

 

යටවත්ත ප්‍රාදේශීය සභාව මෙවර ජාතික කියැවීමේ මාසයට සමගාමීව අලුත්ගම නවෝද්‍යා ප්‍රාථමික විද්‍යාලයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.

යටවත්ත ප්‍රාදේශීය සභාව මෙවර ජාතික කියැවීමේ මාසයට සමගාමීව අලුත්ගම නවෝද්‍යා ප්‍රාථමික විද්‍යාලයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි. මේ යටතේ කියවීමේ වැදගත්කම හා පුස්තකාල ජංගම සේවාව සම්බන්ධයෙන් සිසු සිසුවියන් දැනුම්වත් කරන ලදී.

 

පළාතේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සම්බන්ධයෙන් වන අවශ්‍යතා සහ ප්‍රමුඛතා විනිශ්චය කර ගැනීමට හා අන්තර්කරණ අධ්‍යාපනයට සහාය වීම ඉලක්කව මධ්‍යම පළාත් සභාව මගින් ශක්‍යතා හඳුනා ගැනේ.

පළාතේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සම්බන්ධයෙන් වන අවශ්‍යතා සහ ප්‍රමුඛතා විනිශ්චය කර ගැනීමට හා අන්තර්කරණ අධ්‍යාපනයට සහාය වීම ඉලක්කව මධ්‍යම පළාත් සභාව මගින් ශක්‍යතා හඳුනා ගැනේ.

යෝජිත ව්‍යාපෘතිය සදහා ජර්මානු අරමුදල මුල්‍ය සහාය ලබාදේ. ව්‍යාපෘතියට අදාල පළාත් පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැඩමුළුවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්ද පසුගිය (18) දා මහනුවර ටොපෑස් හෝටලයේදී පැවැත්විණි.

වැඩමුළුවේදී මුලික අවධානය යොමු වූයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය (BMZ) සහ ජර්මන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන Kindernothilfe විසින් අරමුදල් සපයන ඉදිරි ව්‍යාපෘතියක් යටතේ පළාතේ ජාතික අන්තර්කරණ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය ආධාර සේවා සැපයීම වෙනුවෙන් ප්‍රධාන අවශ්‍යතා දෙකක් සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙනි.

මෙහිදී දරුවන්ගේ නිශ්චිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුනට සමාන ව සැලකීම පිලිබදව මුලික අවධානය යොමු කරනු ලැබූ අතර දරුවන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගනිමින් අවශ්‍ය සේවා (උදා: ප්‍රවාහනය, ද්‍රව්‍ය, ආදායම් උත්පාදන කුසලතා , ජීවන කුසලතා හුවමාරුව, සෞඛ්‍ය සහ පෝෂණ සහාය) සහ සම්පත් (උදා: පහසුකම්, පාසල්, පෝෂණය) සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම පිලිබදව ද විශේෂ අවධානයක් යොමු කෙරේ. .

වැඩමුළුව නියෝජනය කළ සියලු පාර්ශ්වයක් විසින්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙත සේවා සැපයීමේදී ඔවුන් දැනට මුහුණ දෙන අභියෝග හා ඒවා ජය ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන ප්‍රමුඛතා ක්‍රියාමාර්ග හඳුනා ගැනීම පිළිබඳවත්, ඒ ඔස්සේ වඩාත් කාර්යක්ෂමව සේවා සැපයීම සඳහා නියෝජිතායතන අතර සහයෝගීතාව වෙනුවෙන් අවස්ථා/යෝජනා සහ තොරතුරු බෙදාගන්නේ කෙසේද පිළිබදවත් යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය, අධ්‍යාපන, පරිවාස හා ළමාරක්ෂක, මුල් ළමාවිය සංවර්ධන, ප්‍රවාහන, පළාත් පාලන යනාදී අංශ අතර නිසි සම්බන්ධීකරණයක වැදගත්කම පෙන්වා දෙනු ලැබිය. ඝන දත්ත කළමනාකරණය සහ අධීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේ ය.

මෙම වැඩමුළුව ළමුනට සහ ඔවුන් අයත් ප්‍රජාවනට සහයෝගය දක්වමින් ඔවුනගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වසර 40 කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ හවුල්කාර සංවිධානවල කාර්යයන්ට සහාය වූ ජර්මනියේ Kindernothilfe (KNH) වෙනුවෙන් නියුක්ලියස් පදනම විසින් ක්‍රියාත්මක කරන ලද ශක්‍යතා අධ්‍යයනයක කොටසකි. 2023 වර්ෂයේ මැද භාගයේ සිට 2027 දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ උතුරු පළාතේ දී යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (JSAC) , නැගෙනහිර පළාතේ දී මෙතෝදිස්ත පල්ලියේ පුහලිදම් හා මධ්‍යම පළාතේ දී LEADS යන ආයතන හරහා ය.

නියුක්ලියස් පදනම විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා අධ්‍යාපන, සෞඛ්‍ය, මුල් ළමාවිය, පරිවාස හා ළමා ළමාරක්ෂක, පළාත් පාලන සහ ප්‍රවාහන යන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද සහභාගී විය .

උත්සන්න වන ඩෙංගු රෝග අවදානම පිළිබඳ සැලකිලිමත් වෙමින් බල ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කිරීමේ හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වත්තේගම නගර සභාව විසින් පසුගියදා සංවිධානය කරන ලදී.

උත්සන්න වන ඩෙංගු රෝග අවදානම පිළිබඳ සැලකිලිමත් වෙමින් බල ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කිරීමේ හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වත්තේගම නගර සභාව විසින් පසුගියදා සංවිධානය කරන ලදී.

 

සිංහපුර ප්‍රදේශයේ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක්

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇත්ගාල, සිංහපුර ප්‍රදේශයේ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා සංවිධානය කොට තිබිණි.

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook