ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

"උරුමයක සේයා 2025" මහනුවර දී

"උරුමයක සේයා 2025" මහනුවර දී මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද "උරුමයක සේයා 2025" සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය 'මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්' හි දෙවන මහලේදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) දින ආරම්භ කෙරිණි.මෙහිදි පාසල් හා තරුණ යන අංශ යටතේ සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය පැවති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ජයග්‍රාහකයින් ඇගයීමකට ලක්කර මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම සිදුවිණි."උරුමයක සේයා 2025" සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය නොවැම්බර් 01 හා 02 යන දෙිදින‍ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණිමෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් පුහුණු කෙරේ

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් පුහුණු කෙරේ එමගින් කැමරාකරණය හා භාවිතය පිළිබද පුහුණුව මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කැමරාකරණය හා භාවිතය පිළිබද පුහුණු වැඩසටහනක් (31) දින පල්ලෙකැලේ පිහිටි කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු වල නිරතවන නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය පේරාදෙණිය, විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික් සේවයේ නියුතු ගිහාන් ගම්බාරපිටිය මහතා (ඡායාරූපකරණය, විඩියෝකරණය සහ බහුමාධ්‍ය තාක්ෂණය පිලිබඳ බාහිර දේශක) විසින් ලබාදෙන ලදී. ඡායාරූප හා විඩියෝකරණය පිළිබඳ දැනුම ලබාදීම මෙහිදී සිදුකරන ලද අතර කැමරා උපාංග, භාවිතය හා නඩත්තුව පිළිබදව මෙන්ම නව තාක්ෂණික මෙවලම් ලෙස භාවිතා කරන ජංගම දුරකථන මගින් ජායාරූප කරණය, සංස්කරණ කටයුතු සිදු කිරීම ඇතුළු කැමරා භාවිතයේ දී අනුගමනය කළයුතු නිවැරදි ක්‍රියාකාරකම් පිළිබදව න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබාදීම සිදුකරන ලදී.මෙම පුහුණු වැඩසටහන කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් මත සංවිධානය කරන ලදී

මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය, ළමා නාට්‍ය, කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල පල්ලේකැලේ දී

මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය, ළමා නාට්‍ය, කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල පල්ලේකැලේ දී මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය, ළමා නාට්‍ය, කෙටි හා වාර්තා චිත්‍රපට උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (30) පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් උත්සවය සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාතේ සංස්කෘතික උරුමයන් සුරැකීම වෙනුවෙන් හා කලා ශිල්පීන්ගේ කුසලතා ඇගයීම ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු ඇතිව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.මෙහිදි කෙටි නාට්‍ය, ළමා නාට්‍ය හා කෙටි හා වාර්තා චිත්‍රපට අංශ ඔස්සේ දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් හා සිසු දරුවන් ඇගයීම සිදු වූ අතර තරග ජයග්‍රහකයින් සදහා මුදල්, සම්මාන හා සහතික ප්‍රදානය කිරීම සිදුවිය.මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් අයවැය අධ්‍යක්ෂ එම්. අනුරුද්ධ කුමාර, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ, ප්‍රධාන ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මීන්, සංස්කෘතික නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

"පෙහෙකම් ප්‍රභා" සහ "පෙහෙකම්ශ ශිල්පී ප්‍රණාම උළෙල" මහනුවර දී

"පෙහෙකම් ප්‍රභා" සහ "පෙහෙකම්ශ ශිල්පී ප්‍රණාම උළෙල" මහනුවර දී මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මධ්‍යම පළාත් "පෙහෙකම් ප්‍රභා" ප්‍රදර්ශනය 'මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්' හි දෙවන මහලේදී (30) දින ආරම්භ කෙරිණි.මෙම ප්‍රදර්ශනය විවෘත කිරීම මහනුවර වැඩබලන නගරාධිපති ජී.ජී. රුවන් කුමාර සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණී.මෙහිදි මධ්‍යම පළාතේ පේෂකර්ම ශිල්පීන් විසින් සිදුකරන ලද පේෂකර්ම නිර්මාණ දැක බලා ගැනීමටත්, මිලදී ගැනීමටත් අවස්ථාව සලසා ඇති අතර ප්‍රදර්ශනය ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් 01 යන දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැවැත්වේ. එමෙන්ම පේෂකර්ම නිෂ්පාදන ඇතුළත් විලාසිතා දැක්මක් ද එදින සංවිධානය කර තිබිණි.මීට සමගාමීව මධ්‍යම පළාතේ පේෂකර්ම ශිල්පීන් ඇගයීම වෙනුවෙන් වසරක් පාසා පවත්වන "පෙහෙකම් ශිල්පී ප්‍රණාම උළෙල" මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පවැති අතර එහිදි දක්ෂතා දැක්වූ පේෂකර්ම ශිල්පීන් ඇගයීම සිදුවිණි.මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, පේෂකර්ම අධ්‍යක්ෂ ඒ.පී.ජී.එස්. අමරතුංග, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පාලන අධ්‍යක්ෂ වයි.එම්.වයි. යාපා බණඩාර යන මහත්මීන් ඇතුළු පේෂකර්මාන්ත දෙපාර්තමේන්වේ නිලධාරීන් සහ පේෂකාර්මිකාවන් ඇතුළු පිරිසක් එක් වූහ.

මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වේ

මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් මාධ්‍ය ඒකකය එක්ව පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.එම ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මහනුවර Pioneer අධ්‍යාපන ආයතනයේ දී පසුගියදා (27) පැවැත්විණි. මහනුවර කලාපයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා වන මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ. පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් මෙම වැඩසටහන සමන්විත විය.මහනුවර කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මියගේ හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) දීප්ති ප්‍රියදර්ශනී මහත්මියගේ සහයෝගයෙන් හා සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට ලුම්බිණි රාජකීය විද්‍යාලය, සිද්ධි ලෙබ්බේ විද්‍යාලය, බෙරවට්ස් විද්‍යාලය, හින්දු දිවිතියික විද්‍යාලය,ශිවානන්ද දෙමළ මහා විද්‍යාලය, උඩුවෙල මහා විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය. You're com

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook