ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

“උත්තම ප්‍රභා” විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන.

“උත්තම ප්‍රභා” විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන. ජාතික අධ්‍යාපන සාදන මට්ටම් ළගාකර ගනිමින් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන “උත්තම ප්‍රභා” මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධූපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී 06දින පැවැත්වින. මෙම ඇගයීම් වැඩසටහනේදී මධ්‍යම පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ඔසවා තැබීමට වැඩි දායකත්වයක් ලබාදුන් වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් ඇගයීමට ලක් කරන ලද අතර ඒ සඳහා කැපවී ක්‍රියා කරන ලද විදුහල්පතිවරුන් හට උපහාර පිදීම සිදු විය. මෙහිදී වත්තේගම කලාපයේ පවතින පාසල් අත් කරගෙන පැවැති ජාතික අධ්‍යාපන සාදන මට්ටම් අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පදනම් කර ගනිමින් මෙම ඇගයීම හා උපහාර පිදීම සිදුකරන ලද අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය යන අංශයන්ගෙන් විශිෂ්ට සාධන මට්ටමක් අත් කරගෙන පැවැති පාසල් වල විදුහල්පති වරුන් මෙහිදී විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම කලාපයේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු සිදුකළ අධ්‍යක්ෂ කාර්යය මණ්ඩලය , ගුරු උපදේශකවරුන් හා නිලධාරීන් ද මෙහිදී ඇගයීමට ලක් විය. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ උපදෙස් මත වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , පූර්ව ළමවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී. කේ. ගුණතිලක ,අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ. කේ. ඇලිකේවල, සහකාර ලේකම් නයනි තෙන්නකෝන් , අධ්‍යක්ෂ (සැලසුම්) පි. කේ.හේරත් යන මහත්ම මහත්මීන් විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්.

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්. හැත්තෑහත්වෙනි නිදහස් දින සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධානය එක්ව සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් පෙබරවාරි 06 දින පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුක්ත විශාල පිරිසක් එක් සිටි අතර ලේ දන්දීමට සහභාගී වූ සැමට පැල වර්ග බෙදා දීමක් ද මෙහිදී සිදුවිය.

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී හැත්තෑ හත්වන නිදහස් දිනයට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ හිඳගල සීවලී මහා විද්‍යාලයේදී (04) දින පැවැත්විණි.‍ මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදි. මෙවර මධ්‍යම පළාත් නිදහස් දිනය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමුඛ කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන කලාප හයක් පදනම් කර ගනිමින් ආදර්ශ පාසල් හයක් නඟා සිටුවීම අරමුණින් විශේෂ වැඩසටහනක් ලෙස පැවැත්විණි.මෙහිදි ජාතික මට්ටමින් පාසල් ඇගයීමේ ක්‍රමවේදයට අනුව අරමුණු අටක් පාදක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර මේ සඳහා සියළු රාජ්ය ආයතන, පෞද්ගලික ආයතන , ආරක්ෂක අංශයන්ගේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කෙරේ. මෙම නිදහස් දින සැමරුමට හිඳගල සීවලී මහා විද්‍යාලයේදී සමගාවීම රුක් රෝපණය කිරීම සහ මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහන් ඇගයීම, පාසල සඳහා පුස්තකාල පොත් පත් පරිත්‍යාග කිරීම හා දක්ෂතා දැක්වූ සිසු දරුවන් ඇගයීම මෙහිදි සිදු විණි. එමෙන්ම නිදහස් දින තේමාව යටතේ පාසල් සිසුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම, නර්තන හා තූර්ය වාදන හැකියාවන් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු මධ්‍යම අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සීවලි විදුහලේ විදුහල්පති, ජි.ජි.ඩි.එස්.කේ ගීකියනගේ මහතා සහ ආචාර්යය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියක්, ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවූහ.

මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ

මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ හැත්තෑහත්වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය අද (04) දින පෙරවරුවේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදි පැවැත්විණි.මහනුවර මහනගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධන්වයෙන් පැවැති අතර ඒ මහතා විසින් මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව වෙත මල්දමක් පළඳා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදි සිදු කෙරිණි.නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ගුණ සැමරුම් ගීතය ද එහිදි ගායනා කිරීම සිදුවූ අතර අනතුරුව ආරාධිතයින් විසින් මහාමාන්‍ය ඩී.එස්.සේනායක පිළිරුව ඉදිරිපිට මල් කළඹ තැන්පත් කිරීම සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, නාථ දේවාලයේ බස්නායන නිලමේ එ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය සහ මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා, හිටපු නගරාධිපති කේසර සේනානායක මහතා මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (31) දින පැවැත්විණි. මෙම වෙළඳ සංකීර්ණය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පවතින දේපළ අයිතිය, කඩ කුලී තක්සේරුව හා අයකිරීම, සංකීර්ණයේ ආරක්ෂාව ඇතුළු පවතින පොදු පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම මෙම ගැටළු සඳහා ලබාදිය යුතු විසඳුම් හා යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමද මීට සමගාමීව සිදුකෙරිණී. මෙම අවස්ථාව සඳහා ‍මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොළ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහා ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ වෙළඳ සංගමයේ නියෝජිතයෙන් පිරිසක් ද සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook