පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නිර්මාණශීලි වැඩසටහන් අංශය හා පරිසර යුක්ති කේන්ද්‍රය නම් පරිසර සංවිධානය හා එක්ව සංවිධානය කරන ලද තිරසර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය උදෙසා නීතියේ ආධිපත්‍ය යන තේමාවට අදාල වැඩමුළුවක් ඉකුත්දා (26) දින නවයාලතැන්න සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙහි සම්පත්දායකත්වය නීතිඥ සමාධි හංසනී , නීතිඥ කාංචනා බාලචන්ද්‍ර, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ තිලිණ පාතෘගොඩ යන මහත්ම මහත්මීන් විසින් සිදුකල අතර මේ අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, සහකාර කොමසාරිස් හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ඇතුළු පිරිසක් ඊට එක්වුහ.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ නියෝජිතයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්
මෙවර ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා මෙරටට පැමිණ සිටින යුරෝපා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි (19) දින පැවැත්විණි.මෙහිදි ජනාධිපති මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර පළාත් ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් මධ්‍යම පළාතේ මැතිවරණ කටයුතු සාමකාමිව සිදු වන බව පැවැසීය. එමෙන්ම ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්විම සදහා අවශ්‍ය සියළු කටයුතු රජයේ නිලධාරින් ඇතුලු අනෙකුත් පාර්ශ්ව විසින් සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.ජනාධිපතිවරණය සදහා රජයේ නිලධාරින් ඇතුලු ඒ හා සම්බන්ධ ආයතන විශාල සේවයක් ඉටුකරන බවත් ඔවුන් ඒ සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මෙහිදි සඳහන් කළේය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුලු යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානි /යුරෝපා පාර්ලිමෙන්තු මන්ත්‍රි සැන්චෙස් ආමර් මහතා (Sanches Amor) ඇතුලු නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
චීනය බීජෙයි නගරය හා බැඳෙන සහෝදර නගර ගිවිසුම
මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර අත්සන් කළ “ සහෝදර නගර ගිවිසුම “ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී (18) පැවැත්විණි.බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා (Wuli Donglai) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී ඉකුත් (09) දින පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණි. මෙම සාකච්ඡාවේදී නගර දෙක අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා වෙළද හා සංචාරක ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම, අධ්‍යාපන ශිෂ්‍ය හුවමාරු හා ශිෂ්‍යත්ව වැඩසටහන් ආදීය සම්බන්ධයෙන් අවස්ථා ලබා ගැනීම මගින් මහනුවර නගරයේ හා මධ්‍යම පළාතේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.එමෙන්ම “ සහෝදර නගර ගිවිසුම“ කටයුතු යාවත්කාලීනව පවත්වාගෙන යාම සමබන්ධයෙන් විශේෂ කමිටුවක් ස්ථාපිත කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළුු පිරිසක් එක් වූහ.
බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුක්.
වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” මධ්‍යම පළාතේ පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (13) පාක්‍යම් දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්විණ.එම අමාත්‍යාංශයේ ආර්. මධුරී මහත්මියගේ සම්පත්දායකත්වයෙන් එම වැඩසටහන පැවැත්විණ.මධ්‍යම පළාතේ ළමා පරපුර බලශක්ති සුරක්ෂිත අනාගතයක් කරා ගෙන යාම සඳහා ආකල්පමය වශයෙන් බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය සඳහා යොමු කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප සියල්ලම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව තුළින් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය සිදු කිරීම අපේක්ෂාව කෙරේ.
මහනුවර නගරය හා චිනයේ බීජෙයි (Bijie) නගර සහෝදරත්වයෙන් බැදෙයි.
මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර“ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා (Wuli Donglai) අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී පසුගිය 9වැනි දින පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු කෙරුණි.
මෙමගින් නගර දෙක අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා වෙළද හා සංචාරක ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සම්බන්ධතා වැඩිදියුණු කෙරෙන අතර අධ්‍යාපන ශිෂ්‍ය හුවමාරු හා ශිෂ්‍යත්ව වැඩසටහන් සදහා අවස්ථාව හා අනෙකුත් අවස්ථා උදා කිරීම තුලින් නගරයේ හා මධ්‍යම පළාතේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර කරදීම සදහා අවශ්‍ය කටයුතු සදහා මෙමගින් ඉඩ කඩ සැකසෙනු ඇත.
2010 වසරවන විට චීනය තුල ආර්ථික වේගය අවම පළාතක් ලෙසින් හදුනාගත් ගුයිෂෝ (Guizho) පළාත මේ වනවිට එහි ආර්ථික වර්ධන වේගය වැඩිම පළාතක් ලෙස සංවර්ධනය වීම සුවිශේෂී කරුණක් වන අතර මාර්ග අපහසුතා වලින් හුදෙකලාව පැවති නගරයක් වූ අතර අද වන විට මෙම පළාත මේවන විට ගමනාගමනයේ මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය වි ඇති අතර අනෙකුත් රටවල් වල සම්බන්ධතා ප්‍රයෝජනයට ගැනීම තුලින් මහත් සංවර්ධනයකට හිමිකම් කියයි.
චිනයේ බීජෙයි නගරය මහනුවර නගර මෙන් ඉහළ කදුකර ප්‍රදේශයක් වන අතර එහි සංස්කෘතික සහ ආර්ථික වටිනාකම් හදුනාගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම හා මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන ඉදිරියේදි සුවිශේෂි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට මේ ගිවිසුම තුළින් හැකිවන බවද මෙහිදි අනාවරණය විය.
මෙම අවස්ථාවට සහෝදරත්ව නගර සමුළුව නියෝජනය කල විදෙස් රටවල් 20කට වැඩි ප්‍රමාණයක නියෝජතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
