ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්.

දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්. දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. රටක යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ පදනම වන්නේ දරුවන්. ඔවුන් ගරු කටයුතු පුද්ගලයෙකු බවට ක්‍රමානුකුලව ගොඩනැගීමේ වගකීම වැඩිහිටි අප සැම දෙනාටම පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා පවසයි. තමාට ලැබෙන දේට වඩා වැඩි ප්‍රමානයක් සමාජයට ලබාදෙන්නේ නම් ඒ පුද්ගලයා ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙන බවත් , අද සමාජයෙන් ගිලිහි යන මේ ගුණය අපි නැවත සමාජගත කළයුතු බවත් , රටක හෙට දිනය වඩා සුභවාදී වන්නේ එවිට බව කී ඒ මහතා අද දරුවන්ට ගරුකටයුතු පුද්ගලයන්ට පමණක් සලකන්න හුරු කළ යුතු බව ද කීය. සැබෑ ලෙසම සමාජයේ ඒ අගය ගොඩනගන්න , අද සමාජයේ පවතින දේවල් වෙනසකට භාජනය කරන්න හැමදෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද කි ඒ මහතා රටට වැඩදායි පුද්ගලයින් බවට , අපේ ජාතියේ සම්පත බවට දරුවන් පත්කරන යුගයක් උදාකරමුයි වැඩිදුරත් ප්‍රකාශ කළේය. ඒ මහතා මෙලෙස පැවසුයේ ලෝක ළමාදින සැමරුම් වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් ළමාදින සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම වැඩසටහන 01 දා මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (01 දින) පැවැත්විණ. මෙම ළමාදින සමරුම් වැඩසටහන මධ්‍යම පළාතේ පිහිටි ළමා නිවාසවල වෙසෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කොට පැවතීම විශේෂත්වයකි. “දරුවන් රැකගමු - සමසේ සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහනේ දී දරුවන්ගේ දක්ෂතා අගයමින් ළමා සමාජ අතර පැවති තරගවලින් ජයගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා සහතිකපත් ලබාදීම ද සිදුවූ අතර දරුවන්ගේ කුසලතා එළි දැක්වීම ද මෙහිදී සිදුවිය. ලෝක ළමා දිනයට සමගාමිව මධ්‍යම පළාත් තුළ නව දැක්මක් සහිතව දරුවන් ආරක්ෂාකර ගැනීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහනේ පළමු මෘද්‍රිත පිටපත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය අබේකෝන් මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය. “සෑම දරුවෙකුටම සුරක්ෂිත ළමා ලෝකයක්” යන අරමුණ පෙරදැරි කරගෙන මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම වැඩසටහන පිළිබදව විශේෂ දැනුවත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ,මෘදු කුසලතා සංවර්ධන උපදේශක අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට රටටම ආදර්ශයක් ලබාදෙමින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත තුළ රජයේ ළමා මධ්‍යස්ථාන 35 ක් පවතින අතර පළාත තුළ පරිවාස කාර්යාලයන් 11 ක් ස්ථාපිත කොට ඇත. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සන්හාවේ ලේකම් කුමුදුනු එස්. ප්‍රේමචන්ද්‍ර , සභා ලේකම් සුජානි විජේතුංග, සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සි.කේ.ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

ජාතික කියවීමේ නිල ජාතික උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී .එස්.අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී.

ජාතික කියවීමේ නිල ජාතික උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී .එස්.අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී. අනාගත පරපුර පොතපතට හුරුකිරීමේ කාලින අවශ්‍යතාවය ,අභියෝගය අප සතුව පවතිනවා.පුස්තකාලය අතීතයට වඩා අදටයි අවශ්‍යය. වත්මන් පරපුර පොත්පත් පරිශීලනයෙන් ඉවත්වීම නිසා ඔවුන්ගේ තර්කන බුද්ධි හැකියාව , සහකම්පනය අද සීමිත බවට පත් වෙලා. ඒ නිසා පොතපත පරිශීලනය කිරීමේ වැදගත්කම නව මානයකින් අනාගත පරපුරට හදුන්වා දිය යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සංවිධානය කෙරෙන ජාතික කියවීමේ මස නිල ජාතික උත්සවයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශ්‍රවණාගාරයේ දී (01) පැවැති අවස්ථාවට එක් වෙමිනි. සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය වන අතර එය ආරම්භ කරමින් මෙවර ජාතික කියවීමේ නිල උත්සවය මහනුවර දී පැවැත්විණ. මෙම වැඩසටහනේ විශේෂ දේශනය “ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” මැයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කේෂව දිසානායක මහතා විසින් සිදු කරන ලදී. ජාතික කියවීමේ මාසයට සමගාමීව කියවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පළාතේ පුස්තකාල වෙත පහසුකම් ලබාදීම , උසස් ශ්‍රේණි හිමිකර ගත් මධ්‍යම පළාතේ මහජන පුස්තකාල සඳහා සම්මාන හා සහතික පිරිනැමිම, මහනුවර ඩි.එස්.සේනානායක මහජන පුස්තකාලයේ දීර්ඝ කාලයක් පුස්තකාල සාමාජිකත්වය ලැබූ පැරණිතම සාමාජිකයින් සඳහා උපහාර පිරි නැමීම සහ මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි තෝරා ගත් පුස්තකාල සඳහා පොත්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර , මධ්‍යම පළාතේ පුස්තකාලවල වාර්ෂික පොත් සමීක්ෂණය කාර්යක්ෂම කර ගැනීම සදහා කඩියා මෘදුකාංගය හදුන්වාදීම වෙනුවෙන් ප්‍රජා සංවර්ධන නිලධාරි කිත්සිරි දිසානායක මහතා විශේෂ ඇගයීමට ලක්විය. “ලෝකය දිනන්නේ කියවන මිනිසුන්ය” යන තේමාව යටතේ පැවති කෙටි කතා තරගයේ සිංහල අංශයේ ප්‍රථම ස්ථානය පුන්සිසි මලින්සා දිසානායක ගේ “තවත් එක් කතාවක්” හිමිකර ගන්නා ලද අතර , ද්‍රවිඩ මාධ්‍ය අංශයේ ප්‍රථම ස්ථානය එච්.එල්.රුවයිදා විසින් රචිත “තාමදම්” කෙටි කතාවටත් , ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රථම ස්ථානය සි.වී.විදුශානි ගාල්ලගේ විසින් රචිත “THE BOOK OF WORLDS” කෘතියට හිමිවිය. මහනුවර මහ නගර සභාව හා මහනුවර ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය එක්ව සංවිධාන කරන ලද මෙම උත්සවය අවස්ථාව සඳහා හිටපු නාගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. සුනිල්,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, යන මහත්ම මහත්මීන් ,පළාත් පලාන ආයතන ප්‍රධානින් ,පුස්තකාල කාර්යය මණ්ඩල ඇතුලු පිරිසක් එක්වූහ.

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයට නවක සිසුන් බදවාගැනිමට අයදුම්පත් කැදවේ.

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයට නවක සිසුන් බදවාගැනිමට අයදුම්පත් කැදවේ. මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය දකුණු ආසියාවේ ප්‍රථම සහ ශ්‍රී ලංකාවේ එකම සෞන්දර්ය විද්‍යාලය වන අතර මහනුවර අධ්‍යාපන කලාපයේ පිහිටි 1 සී වර්ගයේ රජයේ පාසලකි. අ.පො.ස උසස් පෙළ කලා විෂයයන් පමණක් පැවැත්වෙන අතර සිංහල මාධ්‍යය සහ දෙමළ මාධ්‍ය අංශයෙන් ඉගෙනුම් කටයුතු සිදුවේ. උසස් පෙළ සියලු කලා විෂයන් සහ කොරියානු භාෂාව,හින්දි භාෂාව,තොරතුරු තාක්ෂණය යන විෂයන්ද හෑදැරිය හැක. සෞන්දර්ය විෂයයන් 2 ක් හැදෑරීමට අවස්ථාව ඇත. භරත,කර්ණාටක විෂයන් ද හැදෑරීමට අවස්ථාව ඇත. තවද අ.පො.ස (සා/පෙළ) ගණිතය අසමත් උසස් පෙළ සදහා සුදුසුකම් ලැබූ සිසුන් සදහා ගණිතය සමග උසස් පෙළ අධ්‍යාපන අවස්ථා ඇත. දුර බැහැර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම්ද පවතින අතර මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන්ට විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න කදිම තෝතැන්නක් වනු ඇත. වැඩි විස්තර සදහා අමතන්න. පී.එස් ගුණසේකර මිය, විදුහල්පති, 0705070056 තිලක් කුමාර මයා, නියෝජ්‍ය විදුහල්පති 0770714362 අයදුම්පත් පත් එවිය යුතු ලිපිනය විදුහල්පති, මහ/ රිසි කලා සෞන්දර්ය විද්‍යාලය, මාවිල්මඩ, මහනුවර (මහනුවර නගර සීමාව කටුගස්තොට ප්‍රධාන මාවතේ සිට1/2 කි.මී.දුරින් පිහිටා ඇත)

පුරපස 2024’ සුමඟුල් කලා උළෙල

පුරපස 2024’ සුමඟුල් කලා උළෙල මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ වාර්ෂික කලා උළෙල එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී (30) දින පැවැත්විණි. ‘පුරපස 2024’ මැයෙන් පැවැති මෙම කලා උළෙල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, මහචාර්ය රෝහිත දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම කලා උළෙලේ ප්‍රධාන දේශනය ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ් මහතා විසින් පවත්වන ලදි. එමෙන්ම මෙම කලා උළෙලට සමගාමිව පාසල් අතර සංවිධානය කරන ලද තරග ජයග්‍රාහකයින් ඇගයීම සිදු කළ අතර විචිත්‍රවත් කලා අංග කිහිපයක් ද ඉදිරිපත් කිරීමත් සිදුවිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිලානි කරුණාරත්න මහත්මිය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති, ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතා, සහකාර විදුහල්පති රංජනී ජයසේකර මහත්මිය ඇතුළු ගුරු භවතුන්, විද්‍යාලයීය කලා සංගමයේ සාමජිකයින් ආරාධිත පාසල් සිසු සිසුවියන් පිරිසක් සහභාගී වූහ.

අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපිත් රටක් ලෙස මේ මගට පිවිසිය යුතුයි. මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා පව

අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපිත් රටක් ලෙස මේ මගට පිවිසිය යුතුයි. මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා පවසයි. දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ නව වැඩපිළිවෙල මධ්‍යම පළාතෙන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවර මහචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පවසයි. එම නව වැඩපිළිවෙල මධ්‍යම පළාත් සභාවෙන් ආරම්භ කර රටටම හා අනෙකුත් පළාත් සභා වලට ආදර්ශයක් ලබාදෙමින් ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය. නව ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (27 දින) සිය නව තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරමිනි. එහිදී වැඩ භාර ගැනීමෙන් පසු අදහස් දැක්වූ ඒ මහතා, අධ්‍යාපනය මගින් කොතරම් දියුණූ මිනිසුන් නිර්මාණය කළත් ඒ මිනිසුන් සංස්කෘතික මිනිසුන් බවට පත් නොවන්නේ නම් එය සමාජ පරිහානියට පත්වන හේතුවක් වන බව ද ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට ජපානයේ ඒක පුද්ගල ආදායමට සමාන ආර්ථීක දියුණුවක් ලබා සිටි නමුත් අද වන විට එය විශාල පරතරයක් දක්වා වෙනස් වී ඇතැයි කී ඒ මහතා , ඉකුත් දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාව භෞතික වශයෙන් පුළුල් වුවත් ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයන්ගේ වර්ධනයක් දක්නට නොලැබෙන බව ද ප්‍රකාශ කළේය. රටේ නීතිය, සාමය හා ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම මුලික අභිප්‍රායක් වන බවත් සොරකම, වංචාව, දූෂණය හා නාස්තිය සිදු නොවීමට කටයුතු කළ යුතුව ඇති බවත් ඒ මහතා පැවසු අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද පැවසීය.ආර්ථික දියුණූව ලබන අතරේදී මිනිසා සංස්කෘතිකමය වශයෙන් දියුණුවක් කරා යොමු විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා මධ්‍යම පළාතෙන් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පදනම ගොඩ නගන බව ද කී අතර , රටේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත්තත්, ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් නොදැකපු පරම්පරාව පවා බදු ගෙවමින් වියදම් කරන බව ද පැවසිය. රටේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සියලු දෙනා සතු වගකීමක් හා යුතුකමක් යැයි ද කි ඒ මහතා එය නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන හා නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසිය. රටේ ජනතාව අපේක්ෂිත වෙනස ඇති කරමින් රට වෙනසක් වෙත යොමුකිරීමට ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවයක් බවත් , පොදුජන හැම කෙනාගේම සිත් තුළ මේ අදහස වර්ධනය විය යුතු බවද ඒ මහතා පැවසිය. ඒ වගේම අපි හැමෝම වෙලාවට වැඩ කරන්න පුරුදු විය යුතුයි. විශේෂයෙන් රාජ්‍ය සේවකයින්. අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපි මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් කෘෂිකර්ම අමාත‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර,පළාත් සෞඛ්‍ය අමාත්‍යශ යේ ලේකම් ජගත් අධිකාරී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook