ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.

ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ. ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව මහනුවර මහ නගර සභාව සංවිධානය කල රුක් රෝපණ වැඩසටහන (05) දින මහනුවර වැව රවුම වටා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉංදිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්විය.

නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී.

නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගයේ පිරිමි අංශයේ ජය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ආර්.ජි.අයි.එන්.නාරම්පානාව සමත් වූ අතර තරගයේ කාන්තා අංශයේ ජය මහනුවර දිස්ත්‍රික්කයේ කේ.ජි.ජි.ශානිකා අබේතිස්ස හිමිකර ගන්නා ලදී. ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා මධ්‍යම පලාත් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවති මෙම තරගයේ පිරිමි අංශයේ දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම්.සත්‍යසිවන්ත හා තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ එස්.එස්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සි.පෙරේරා හිමකර ගන්නා ලද අතර , කාන්තා අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් මහනුවර දිස්ත්‍රික්කයේ එන්.ජි.බි.එච්.කුමාරි හා ජි.ආර්.අයි.එස්.කුමාරි හිමිකර ගන්නා ලදී. තරගාවලියේ කාන්තා අංශයේ ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථානයන් ත්‍රිත්වයම දිනාගත් ක්‍රීඩිකාවන්ගේ මුල් පුහුණුකරු ලෙස යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් කටයුතු කිරීම විශේෂත්වයකි. මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර , ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා පිරිමි අංශයෙන් ක්‍රීඩකයින් 10 දෙනෙකු හා කාන්තා අංශයෙන් ක්‍රීඩිකාවන් 06 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා ලදී. ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග ජුනි මස දී මහියංගනයේදී පැවැත්වීමට නියමිතය. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ මගපෙන්වීම මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සම්බන්ධිකරණ කටයුතු මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා පුහුණුකරු විශාකා මල්ලව විසින් සිදු කරන ලද අතර, මෙම තරගය 30 දා මහනුවර දිගන ගොල්ෆ් ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවැත්විණ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමී මධ්‍යම පළාත් උත්සවය විල්ගමුව අධ්‍යාපන කලාපයේ නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ (04) ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම වැඩසටහන යටතේ 1 ab වර්ගයේ පාසලක් වන නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යයන කටයුතු වෙනුවෙන් තාක්ෂණ අංශය සඳහා 133 ක්, කළා අංශය 83ක්, විද්‍යා අංශය 32ක්, ගණිත අංශය 21ක් සහ වාණිජ අංශය 24 බැගින් සිසුන් 303 ක් තෝරාගෙන ඇත. එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය විෂය හැදැරීමේ අවස්ථාව ලබාදීමටත් සහ මෙම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අළුත්වැඩියා කිරීම වෙනුවෙන් සදහා රුපියල් මිලියන මිලියන 03 ක මුදලක් වෙන් කිරීමට ද මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් කටයුතු කර ඇත. මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, අතිතයේ ගුරුවරයා කෙරෙිහි සුභවාදි ආකල්පයක් තිබුණත් වර්තමානයේ ‍දරුවන්ට මෙන්ම දෙමපියන්ටද ගුරුවරුන් කෙරෙහි එම විශ්වාසය පවතිනවා ද යන කාරණය බරපතල ගැටළුවක් බවට පත්වී තිබෙන බව කිවේය. මෙසේ විශ්වාසය ගිලිහී යාම නිසා අද දරුවන් සාමාන්‍යපෙළ අවසන් වූ පසු වෙනත් රැකියා කරා ගමන් කිරීම හෝ උසස් පෙළ උපකාරක පන්ති සඳහා ජනප්‍රිය ගුරුවරුන් සොයා යාම සිදුවී තිබෙන බවත් එය වෙනස් කළ යුතු කාලය එළඹ ඇතැයි ද, අද රජයක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ගනු ලැබු මෙම ක්‍රියා මාර්ගය ගැන සතුටු විය හැකි බවත් පැවසීය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ‍මේනක හේරත්, විල්ගමුව කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එම්.පී.කරුණාරත්න, නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලය විදුහල්පති එච්. ජී කුලතුංග යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා පත්වීම් ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන සී. කේ. අමරකෝන් මහත්මිය (04) පල්ලේකැලේ පිහිටි එම කාර්යාල පරිශ්‍රයේදී සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කෙරිණ.

ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්.

ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්. ජගත් පරිසර දිනය නිමිත්තෙන් තෙල්දෙණිය නගරයේ රුක් රෝපණ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා‍ගේ ප්‍රධානත්වයන් ඉකුත් දා පැවැත්විණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ මුලිකත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් රුක්රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න මහතා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදොරු මහත්මිය ඇතුළු පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook