මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ චීන ධුත පිරිසක් අතර සාකච්ඡාවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සහ චිනයේ ජියැං පළාතේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් (10) ආණ්ඩුකාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
නව යොවුන් දරුවන්ට රැකියා සඳහා අත්වැළක්.
මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නව යොවුන් දරුවන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක්, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (10) පැවැත්විණි.
පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නියුක්ලියස් පදනම සහ වෙයාහවුස් ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල අවාසි සහගත ළමුන් විධිමත් පරිදි පෞරුෂ සංවර්ධනය කරමින් සමාජගත කිරීමට අවශ්‍ය මඟපෙන්වීම, වෘත්තීය අවස්ථා ඉලක්ක කර ගනිමින් දරුවන් සවිබල ගැන්විම, දරුවන් සමාජගත කිරීමේ දී නිපුණතාවෙන් සවිබල ගැන්වීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය විස්සක් ආවරණය වන පරිදි වයස අවුරුදු 15 වැඩි ළමුන් දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ.
මෙහිදී සංචාරක හෝටල්, ගිණුම්කරණ හා මූල්‍ය, රූපලාවන්‍ය, තොරතුරු තාක්ෂණය හා අලෙවිකරණය යන ක්ෂේත්‍රවල ඇති රැකියා අවස්ථා පිළිබඳව තෝරාගත් පෞද්ලික ආයතන විසින් දැනුවත් කිරීම සිදුකරන ලද අතර වැඩසටහන අවසානයේ දි දරුවන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යයාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ, පළාත් කොමසාරිස් චින්තිකා ගුණරත්න, නියුක්ලියස් පදනමේ අධ්‍යක්ෂ ඩේව් මොරිස් මහතා, වෙයාර්හවුස් ව්‍යාපෘති නියෝජිත ගෞරි රාජන් මෙනවිය, මහනුවර හෝටල් සංගමයේ සභාපති, රොඩ්නි ආම්ස්ට්‍රොන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දරුවා දු දරුවන් පිරිසක් සහභාගී වූහ.
පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුක්.
ආපදා තත්ත්වයන් අවම වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (09) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණී.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සියළුම තාක්ෂණ නිලධාරීන් ඇතුළු තෝරා ගත් පිරිසක් සහභාගී වූහ.
පළාත් පාලන ආයතන සතු බලතල අනුව තම බල ප්‍රදේශය තුළ ඉදිකිරීම් කටයුතු වලදි, ආපදාවන් අවම වන ආකාරයට කටයුතු කිරීම හා ආපදා තත්වයන් සඳහා පෙර සුදානම් වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා විසින් දැනුවත් කිරීම සිදු කරන ලදි.
මෙම වැඩමුළුවට සමගාමිව පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන ඉදි කිරීම් සඳහා වන බිල්පත් සැකසීම, ඇස්තමේන්තු සකස් කිරීම හා කොන්ක්‍රීට් මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද සිදු විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් පාලන කොමසාරිස්, චමිලා අතපත්තු, මහනුවර දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම්) නිලූකා බුලත්ගේ යන මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජ තරගාවලියේ පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට පුජාපිටිය ක්‍රීඩා සමාජය සමත්විය.
මෙම තරගාවලියේදී රන් පදක්කම් 11ක් සමගින් සමස්ත ලකුණු 156 ක් හිමිකර ගත් පුජාපිටිය ක්‍රීඩා සමාජය සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර තරගාවලියේ අනු ශුරතාවය රන් පදක්කම් 10ක් සමගින් ලකුණු142 ක් හිමිකරගත් නාලන්දා ක්‍රීඩා සමාජයට හිමි විය. තරගාවලියේ මලල ක්‍රීඩා පිරිමි හා කාන්තා ශුරතාවයන් පිළිවෙලින් පුජාපිටිය ක්‍රීඩා සමාජය හා නාලන්දා ක්‍රීඩා සමාජය හිමිකර ගනිද්දී , දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස නාලන්දා ක්‍රීඩා සමාජයේ ඒ.ජි.ඒ.ඉදුමිනි ද, දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස පුජාපිටිය ක්‍රීඩා සමාජයේ පි.බි.වැරැල්ලගම ද පිදුම් ලැබිය.
මෙම ක්‍රීඩා උළෙල සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරි ,පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් ඩි.එම්.එස්.කේ.දීගල,මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රුවන් ආර් තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර තරගාවලිය පුජාපිටිය ක්‍රීඩා නිලධාරි සනත් ගුණතිලක විසින් සංවිධානය කොට පැවතුනි. මෙම තරගාවලිය පසුගියදා පුජාපිටිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වරයේ ලෙස මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පත්වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (PGIHS) අභිනව අධ්‍යක්ෂක වරයා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා හෙට දින වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඕස්ට්‍රේලියාවේ Queensland Technology විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්, MPhil උපාධියක් ලබා ඇත. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරන වසන්ත අතුකෝරළ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබා ඇත. මීට අමතරව, ඔහු එක්සත් ජනපදය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, ඉන්දියාව, නේපාලය සහ භූතානය ඇතුළු ලොව පුරා විවිධ රටවල කෙටි පාඨමාලා 20 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇත. ඔහුගේ පර්යේෂණ පාරිසරික ආර්ථික විද්‍යාව, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව, ප්‍රවාහන ආර්ථික විද්‍යාව සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි. බලශක්ති ආර්ථික විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව, ආනුභවික ආර්ථික විද්‍යාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති, පාරිසරික ආර්ථික විද්‍යාව සහ ප්‍රතිපත්ති අධ්‍යයනය, වනාන්තර ආර්ථික විද්‍යාව, තිරසාර නගර සහ සමාජය, සිංගප්පූරුව, සිංගප්පූරු ආර්ථික විද්‍යාව වැනි කීර්තිමත් ජාතික හා ජාත්‍යන්තර සඟරාවල පර්යේෂණ පත්‍රිකා 60කට අධික ප්‍රමාණයක් ඔහු සතුව ඇත. කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ පෙළපොත් ගනණාවක කර්තෘවරයෙකු ද වේ. එසේම ඔහු රචනා කර ඇති පොත්පත් හා සගරා ලිපි පර්‍යේෂණ පත්‍රිකා 45කට අධික සංඛ්‍යාවක් ජාතික හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ඉදිරිපත් කර ඇත. ඔහු ලංකාවේ සංවර්ධන ගැටළු පිළිබඳ ආනුභවික වැඩ සඳහා විශේෂයෙන් උනන්දු වන අතර මෙම ක්ෂේත්‍රය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඔහුගේ පර්‍යේෂණ කාර්යය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති තීරණ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. Global AD Scientific Index (https://www.adscientificindex.com/.../wasantha.../5004623) විසින් ශ්‍රී ලංකාවේ 2 වැනි හොඳම ආර්ථික විද්‍යාඥයා ලෙස වසන්ත අතුකෝරල නම් කර ඇත. ඔහුගේ සමස්ත පර්යේෂණ පැතිකඩ අනුව, ඒ මහතා 2022 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ඉහළම පර්යේෂණ කාණ්ඩයට වර්ග කර ඇත.
- මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176 ක් එක් වේ. පත්වීම් ප්‍රදානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ දී.
- මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හේරත් හා ශිව රාජන්ට.
- මහනුවර කලාපයේ ද්වි භාෂා තරග ජයග්‍රාහකයින් ඇගයේ.
- මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා හොකි තරගාවලියේ ශුරතා මහනුවර කිංග්ස්වුඩ් හා ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය දිනා ගනී.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
