ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

බෝනොවන රෝග සහ ස්වනාරී සායනය පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී

පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය විසින් පවත්වනු ලැබූ බෝනොවන රෝග සහ ස්වනාරී සායනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ හා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. රේඩා ආයතනය හා සම්බන්ධව දෛනික රාජකාරී සිදු කරන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ තුළින් සිදු විය .මෙම සෞඛ්‍ය සායනයේ දී නොමිලයේ වෛද්‍ය පරීක්ෂණයන් සිදු කර ගැනීමට ඔවුනට අවස්ථාව හිමි විය.මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ දායකත්වයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ හා world vision ආයතනයේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය. මෙහිදී බෝනොවන රෝග පිළිබඳ දේශනයක් මහනුවර දිස්ත්‍රික් බෝ නොවන රෝග පිළිබඳව වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී දිසානායක මහතා විසින් පැවැත්විය.එසේම ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ සායනික පෝෂණය පිළිබඳ වෛද්‍ය ඉවෝනි ජයවීර මහත්මිය විසින් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් පුහුණු චන්දන වික්‍රමසූරිය මහතා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරීන් හා හෙද හෙදියන්, රේඩා ආයතනයේ මෙහෙයවීම යටතේ මධ්‍යම පළාතේ ආයතනයන්ට අනුයුක්තව කටයුතු කරනු ලබන කාන්තාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බෝනොවන රෝග සහ ස්වනාරී සායනය

2024 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන පළාත් හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය පිළිබද සාකච්ජාවක්.

2024 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන පළාත් හිසතෙල් ගැල්වීමේ මංගල්‍යය පිළිබද සාකච්ජාවක්. 2024 සිංහල දමිළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමීව පවත්වන හිසතෙල් ගැල්වීමේ මංගල්‍යයේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික නාථ දේවාලය විහාරාධිපති ඇටිපොළ මහින්ද ස්වාමීන් වහන්සේගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 27 ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එළැඹෙන අප්‍රේල් මස 15වන සඳුදා දින උදෑසන 10.00 ට යෙදෙන නැකත් චාරිත්‍රයට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ සකසන ලද නානු මණ්ඩප 5 ක දී මෙම චාරිත්‍ර සිදු කිරීමට නියමිතය. එසේම අලි ඇතුන් සඳහා හිස තෙල් ගැල්වීමත් මෙයට සමගාමිව පැවැත්වෙන අතර පළාතේ සියලූම ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෙන් විහාරස්ථාන , රාජ්‍ය ආයතන හා ප්‍රජාවට නානු 10,000 ක් ලබාදීමට පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ. මෙම උත්සවය ශ්‍රී දළදා මාළිගාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා මහනුවර පොලිස් ස්ථානය, තලාතුඔය ශ්‍රී ලංකා නාවික හමුදා අනු ඛණ්ඩය යන ආයතනයන්ගේ දායකත්වයන් සිදුකෙරේ. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජේ.පී හේරත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් හා ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

පාසල් සිසුන් වෙත උපදෙස් මාලාවක්..

පාසල් සිසුන් වෙත උපදෙස් මාලාවක්.. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇති බවයි. ඊට අදාළව නිකුත්කොට ඇති මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් හා

මාතලේ රාජ්‍ය සේවා ක්‍රිකට් ශුරයින් ඇගැයීමට ලක්කරයි.

මාතලේ රාජ්‍ය සේවා ක්‍රිකට් ශුරයින් ඇගැයීමට ලක්කරයි. රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාවය දිනු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ඇගැයිමේ වැඩසටහනක් පසුගිය 22 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ H කාණ්ඩයේ ශුරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇගැයීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රථම වරට රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියට එක් වු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සහභාගි සියලුම තරග අපරාජිතව රත්මලානේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදී පසු ගිය 26 දින පැවැති අවසන් මහ තරගයෙන් රාජ්‍ය බුද්ධී අංශ කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගැනීමට මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම( Matale District State Service Cricket Club - Matale D S ) සමත්විය. රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රථම වරට ඉදිරිපත් වු මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග සියල්ල ජයගනිමින් අපරාජිතව ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයකි. ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රීඩකයින් හට ප්‍රශංසා සහතික ප්‍රදානය මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන උත්පල ජයරත්න, රිස්මිනා රියාල්දීන් අඹන්ගග කෝරළේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර, සහකාර දිස්ත්‍රික් ලේකම් රේණුකා බුලනවැව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මිණිපේට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්.

මිණිපේට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්. මිණිපේ නිම්නයේ ආදරණීය දරුවන්ට ආරක්ෂාව, රැකවරණය,සෙනෙහස පිරුණු සුරැකුම් කැදැල්ලක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් හසලක නගර මධ්‍යයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක දිවා සුරැකුම් මධ්‍යස්ථානය පසුගියදා (21) මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් දරුවන්ගේ අයිතියට පත් කෙරිණි. මීට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්විණි. මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 16ක මුදලක් වැය කර ඇත. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ඒ.ජී. ඩබ්ලිව්. අත්තනායක, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ගැමුණු බණ්ඩාර, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook