ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

හඳගනාව මහා විද්‍යාලයේදී සිසු දරුවන්ට මාධ්‍ය වැඩමුළුවක්.

හඳගනාව මහා විද්‍යාලයේදී සිසු දරුවන්ට මාධ්‍ය වැඩමුළුවක්. තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලයේදී පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීම හා මාධ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (07) පැවැත්විය. මධ්‍යම පළාත් මාධ්‍ය එකක් විසින් සංවිධාන කළ වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍යය එකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී විද්‍යාලයේ තෝරාගත් සිසු දරුවන් පිරිසකට මාධ්‍ය භාවිතය පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික දැනුවත් කිරීමක් සිදුකරන ලදී. මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.ඩී.ආර්. පත්මසිරී මහතාගේ අනුග්‍රහය ඇතිව පැවති මෙම වැඩසටහන විද්‍යාලයේ සහකාර විදුහල්පති කේ.ජී. ඒ බණ්ඩාර මහතා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් හා සිසු දරුවන් පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම දිනාගනී.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම දිනාගනී. මෙවර ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය ( H ඛාණ්ඩය) ශුරතාවය හිමිකර ගැනීමට මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සමත්වේ. මෙවර ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය ( H ඛාණ්ඩය) ප්‍රථම වතාවට නියෝජනය කරමින් මාතලේ කණ්ඩායම සහභාගි වූ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර අවසන් මහා තරගයේ දී රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායම ලකුණු 17න් පරාජයට පත් කරමින් ශූරතාවය දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. තරගාවලියේ අනු ශුරතාවය රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායමට හිමිවිය. අවසන් තරගය රත්මලාන ජනසතු ක්‍රීඩාංගනයේදී පැවති අතර , පළමුව පන්දුවට පහර දුන් මාතලේ කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේදී 217/8 ලබාගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජ්‍ය බුද්ධි අංශ කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ දී ලබාගැනීමට හැකිවුයේ සියලුදෙනා දැවී ලකුණු 200ක් පමණි. ඒ අනුව ලකුණු 17ක තියුණු ජයක් ලබාගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමේ යොහාන් මදුසංක ජයවීර (269) හොදම පිතිකරු ලෙස සම්මානය හිමිකර ගන්නා ලදී. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ උපදෙස් මත , ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතාගේ මෙහයවීමෙන් මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදී.

මධ්‍යම රාජ්‍ය අංශය සතුව ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට විශේෂ වැඩසටහනක්.

මධ්‍යම රාජ්‍ය අංශය සතුව ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට විශේෂ වැඩසටහනක්. මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය අංශය සතුව පවතින ඉඩම් හා ගොඩනැගිලි වල පවතින ගැටළු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමේ විශේෂ වැඩසටහනක් 06 දින මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණ. රාජ්‍ය අංශය සතු ඉඩම් හා වත්කම් නිරවුල් කර ගැනීමත් , නිවැරදි තක්සේරුවක් ලබාගැනීමත් , ඵලදායි ලෙස යොදාගැනීමත් අරමුණුකර ගනිමින් සියලු අමාත්‍යාංශයන්හි ඉඩම් හා දේපල සම්බන්ධව පවතින ගැටළු නිරවුල් කරගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහනේ දී කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පහක ගැටළු නිරාකරණයට අදාළ කරුණු සාකචජා කෙරින. රජයේ ඉඩම් පිළිබදව පවතින නිති රිති හා බලතල, රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය , වන්දිගෙවිම හා පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව දැනට භාවිත ක්‍රමවේදයන් හා ඉඩම් භාවිතයේ පවතින ගැටළු හා ඒ සදහා වන විසදුම් ක්‍රියාවලිය පැහැදිලි කිරීම මෙන්ම එක් එක් ආයතනවල පවතින ගැටළු වල ස්වභාවයන් හදුනාගැනීම ද සිදු කරන ලදී. මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය සහකාර ඉඩම් කොමසාරිස් ගයා ශ්‍රී උඩුවෙල මහත්මිය විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශය , පේෂකර්ම දෙපාර්තමේන්තුව ,ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ,කුඩා කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ,සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනවල ආයතන ප්‍රධානින් හා විෂය නිලධාරින් සහභාගී විය.

පළාත් පාලන ආයතන නිලධාරීන්ට ගිණුම් ක්‍රම පිළිබඳව පුහුණුවක්.

පළාත් පාලන ආයතන නිලධාරීන්ට ගිණුම් ක්‍රම පිළිබඳව පුහුණුවක්. 2025 වර්ෂය සඳහා අයවැය කෙටුම්පත් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳව පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (6) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය (අයවැය හා ගිණුම් අංශය) පළාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි. මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජි.එම්ඒ.කේ. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වූ අතර 2025 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන වල අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳව න්‍යායාත්මක, ප්‍රායෝගික පුහුණුව හා ගිණුම් තැබීම හා ලේඛන පවත්වාගෙන යාම පිළිබඳව පුහුණුව ලබා දීම මෙහිදි සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් සභාවේ අයවැය අධ්‍යක්ෂ එම්. අනුරුද්ධ බණ්ඩාර, පලාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩබ්.එම්.ජී.කේ.ආර්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන වල නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

‘මගෙන් ගසක් මහනුවරට’ වසරක් සපිරේ.

‘මගෙන් ගසක් මහනුවරට’ වසරක් සපිරේ. ‘මගෙන් ගසක් මහනුවරට’ දායකත්ව රුක්රෝපන වැඩසටහනේ පළමු වර්ෂ පූර්ණය නිමිත්තෙන් දංගොල්ල නාගරික ක්‍රිඩාංගණයේ රුක් රෝපණ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 76 වෙනි නිදහස් දිනයට සමගාමීව මහනුවර මහ නගර සභාව විසින් මෙම රුක්රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදි. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩි.ඩබ්ලිව්. දයානන්ද මහතා, මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook