මහවැලි ගොවි ජනපදකරණයේ පළමු ගොවි ජනපදය ලෙස සැලකෙන මිණිපේ ගොවි ජනපදය පෝෂණය වූ ඓතිහාසික මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන පසුගියදා මිණිපේ අමුණ සහිත පරිශ්‍රයේ දී සිදු කරන ලදි.මහවැලි ගඟෙන් පෝෂණය වන රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ වලට පහළින් පිහිටමින්, රන්ටැඹේ ජලාශ මගින් විදුලි උත්පාදනය කිරීමෙන් අනතුරුව ඉවත්වන ජලයෙන් මිණිපේ ගොවීහු සිය ගොවිතැන් කටයුතු සිදුකළ අතර, දිනය පුරා ජලය නොලැබීම හේතුවෙන් ඔවුන් වසර ගණනාවක සිට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටියහ.මෙම මිණිපේ වම් ඉවුර පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය හරහා අමුණ මීටර් 3.5ක් දක්වා එසවීම තුළින් ගබඩා වන ජලය භාවිතා කරමින් යල සහ මහ දෙකන්නයම අඛණ්ඩව බාධාවකින් තොරව වගා කිරීමේ හැකියාව ද, ජල හැරවුම් 161ක්, විදුලිය මගින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය දොරටු 8ක් තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරිම ද , ප්‍රධාන සොරොව්වක්, වැලි සොරොව්වක් හා මීටර් 320කින් සමන්විත කොන්ක්‍රීට් බැම්මකින් ද සමන්විත ය. මේ හරහා හෙක්ටයාර් 7500ක් ගොවි පවුල් 15000ක් සඳහා ප්‍රතිලාභ හිමිවීම සුවිශේෂී කරුණකි.මෙහිදී මිණිපේ වාරි පද්ධතිය සිය ධනයෙන් හා ශ්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මුලික වූ හේරත් බණ්ඩා රඹුක්වැල්ලේ දිසාවේට කෘතගුණ සැලකීමක් ලෙස එතුමාගේ ස්මාරක පිළිරුවක් නිරාවරණය කිරීම ද මෙහෙදී සිදු කරන ලදි.මෙම අවස්ථාව සදහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මැතිතුමා, චයිනා ගෂුබා ගෲප් කොපරේෂන් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු සුවේ (XUEWEI) මහතා, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එම්.ඒ. කවිරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, මහවැලි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තා.සේ.) නිලන්ත ධනපාල මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ගොවි සංවිධානවල නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.
ලක් මව රනින් සැරසූ තරුෂිට පාසලෙන් උපහාර.
19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී වසර 21 කට පසුව මලල ක්‍රීඩාවෙන් ලක් මාතාව රනින් බැබල වූ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාහට උපහාර පිදීමේ උළෙලක් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා ගේ ප්‍රධානත්වයෙන් (13දින) පැවැත්විණ.
මෙම උපහාර උළෙල අංග රැසකින් සමන්විත විය. දිගන නගර මධ්‍යයේ දී ප්‍රදේශවාසින් විසින් තරුෂි හා පුහුණුකරු පිළිගෙන උපහාර දැක්වීම සිදුකළ අතර එහි සිට රථ පෙළපාලියකින් මැණික්හින්න නගරය වෙත පැමිණ එහිදී රාජ්‍ය නිලධාරින් හා වෙළද ප්‍රජාවගේ උපහාර හා ගෞරවය මාධ්‍යයේ තූර්යවාදක කණ්ඩායම් පෙරටුව පාසලේ දරුවන්ගේ ආශිර්වාදය මධ්‍යයේ සිය පාසල වෙත කැදවාගෙන එනු ලැබීම සිදු විය.මෙම උපහාර උළෙලේ දී තරුෂී කරුණාරත්න ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණූකරු සුසන්ත ප්‍රනාන්දු මහතා විශේෂ උපහාර තිළිණයෙන් පිදුම් ලද අතර විදුහලේ ක්‍රීඩාභාර ආචාර්යවරුන් හා පුහුුකරුවන් හටද උපහාර දැක්වීම සිදුවිය.මෙම උපහාර පිදීමේ උත්සව සභාවේ දී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා අදහස් දක්වමින්,තරුෂි දියණියගේ ඉල්ලීම අනුව වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ අඩුපාඩු සහිත ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා උපදෙස් අනුව එම කාර්යය ආරම්භ කිරීමට විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂාව සදහා මේ වන විට පාසල වෙත පැමිණ ඇති බවත් ලේකම්වරයා දැන්විය.එසේම දිගන පළාත් සභා ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා වලල ක්‍රීඩා පාසලේ දරුවන් හට සහ ජාතික මට්ටමේ දක්ෂතා සිටින පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් අය කිරීමකින් තොරව ක්‍රීඩාංගනය හා කායවර්ධන මධ්‍යස්ථානය ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් පැවසිය.ක්‍රීඩා පාසලේ දරුවන් ගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රීඩා පාසලේ දරුවන් සඳහා ලබා දෙන පෝෂණ දීමනාව රුපියල් 5000 සිට 10500 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ද කී ලේකම්වරයා ක්‍රීඩා පාසල සදහා හැකි සියළු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද දැන්වීය.අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් සභා ක්‍රීඩා අමාත්‍යංශය හා මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මධ්‍යම පළාතේ ක්‍රීඩාව දියුණූ කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ක්‍රීඩා ඇකඩමියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද එමගින් පාසල් අධ්‍යාපනය අවසන් වුවත් එම ක්‍රීඩකයන්ගේ අනාගතය සුරක්ෂීත කිරීම ,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒමට හා ඔවුන් රැකබලා ගනිමින් රැකියා ගන්වන වැඩසටහනක් දක්වා ගෙනයාමට අපේක්ෂිත බව ද කීවේය.මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ විදුහල්පති ධම්මික හේරත් , ආදී වලල ක්‍රීඩා සංගමයේ සභාපති සමන්ත පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු සාමාජියින් , ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ආදී වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වු අතර මෙම වැඩසටහන වලල ඒ රත්නායක විදුහලේ ආදී ක්‍රීඩා සංගමය හා ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කොට පැවතුණි.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට වැඩමුළුවක්.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ගෙවී ගිය වසර ගණනාව තුළ සංවිධානය කරන ලද පාසල් හා විවෘත කෙටි චිත්‍රපට තරගාවලි වෙතින් ජයගත් හා විශිෂ්ටතා ප්‍රකට කළ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමක් හා කෙටි චිත්‍රපටකරණය පිළිබඳ විවාදාත්මක හා ශාස්ත්‍රීය කතිකාවක් ද, වැඩමුළුවක් ද පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි විශේෂ ආරාධිතයා වූයේ ප්‍රකට සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ය. කෙටි චිත්‍රපට නිර්මාණයේදී වැදගත් වන සාධක හා කොන්දේසි පිළිබඳ ඔහු උදාහරණ සහිතව කරුණු ගෙන හැර දැක්වී ය. ඔහු අවධාරණය කළේ පළමුව විෂය කර ගන්නා තේමාව හා පුවත අන්තර්ගත පිටපතක් සරි කර ගත යුතු බව ය. මෙරට සම්මානිත කෙටි චිත්‍රපට මේ සඳහා ඔහු ඇසුරු කොට ගත්තේ කෙටි චිත්‍රපටකරණයට අලුතෙන්ම එක්වන්නවුන් වෙත ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය වගා කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි.පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ මේ යුගයේ කෙටි චිත්‍රපටකරණයට පැමිණෙන තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දෙපාර්තමේන්තුව හැම විටම සූදානමින් සිටින බවයි. සම්පත්දායකත්වය ලබා දීමට සිවගුරුනාදන් මහතා පියවර ගැනීම ඇය මහත්සේ අගය කළා ය. මධ්‍යම පළාතේ කෙටි චිත්‍රපට උද්යෝගය වෙනුවෙන් වසර ගණනාවකට පෙරාතුව අභිනව පියවරක් ගත එවක පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ධුරය දැරූ වර්තමාන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාටද ඇය සිය විශේෂ ස්තුතිය පුද කළා ය.මේ අවස්ථාවට පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඉනෝදිනි තඹවිට මහත්මිය ද, කෙටි චිත්‍රපටකරණයට එක්වන පාසල් සිසු සිසුවියන් පිරිසක්ද, මාධ්‍ය විෂය භාර ගුරු භවතුන් පිරිසක්ද එක්ව සිටියහ. වැඩසටහන සංවිධානය කළේ පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය යි.
රටට අභිමානයක් ගෙනා තරුෂිට හා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුට මහනුවර දී උපහාර.
වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහලේ අඩුපාඩු සහිත ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කොට අනාගතයේ තවත් තරුෂි ලා බිහිකිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ චීනයේ හැන්ජෝහි පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 21 කට පසුව මලල ක්‍රීඩාවෙන් රටට අභිමානයක් ගෙනදුන් වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාහට උපහාර පිදීමේ උළෙලක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් හිදී (KCC) 12 දින පැවති අවස්ථාවේදී ය. මෙම ක්‍රීඩා උළෙල්දී 800 හා 400 සහය ඉසව්ව නියෝජනය කරමින් රණ හා රිදී පදක්කම් ලක් මාතාවට දිනාදීමට සමත් වූ තරුෂි තවමත් 18 වන වියේ පසුවේ. මහනුවර නගර මධ්‍යයේ සිට විශේෂ පිළිගැනීමකින් අනතුරුව තුර්යවාදක කණ්ඩායම් පෙරටුව උත්සව අවස්ථාව සදහා ජනතා ගෞරවය මාධ්‍යයේ කැදවාගෙන එනු ලැබිය. වලල ඒ රත්නායක විදුහලේ ආදී ක්‍රීඩා සංගමය හා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් සංවිධානය කොට පැවති මෙම අවස්ථාවේදී , වලල විදුහලේ අඩු පහසුකම් සහිත ක්‍රීඩා පිටිය අනාගත ක්‍රීඩාව වෙනුවෙන් නවීකරණය කොට සකසාදෙන ලෙස බලධාරීන්ගෙන් තරුෂි කරුණාරතන දියණිය ඉල්ලා සිටීන ලද අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා කඩිනමින් එම අවශ්‍යතාවය ඉටුකිරීමට අවශ්‍ය කටයුතු යොදන බව මෙහිදී දන්වන ලදී.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන් , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , KCC ආයතනයේ වෙළද කළමනාකරු මාධව ජයසිංහ, වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහලේ විදුහල් පති ධම්මික හේරත් , ආදී වලල ක්‍රීඩා සංගමයේ සභාපති සමන්ත පෙරේරා , ආදී වලල ක්‍රීඩා සංගමයේ ලේකම් සුරිය බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු සාමාජියින් , ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ආදී වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුහ.
යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවර කාර්යාලයේදී
යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම ආණ්ඩුකාරවර කාර්යාලයේදී (11) පැවැත්විය. එහිදී අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ආණ්ඩුකාරවරයා අදාල අංශ සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී එම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතියේ කටයුතු අප්‍රමාදව සිදුකිරීමේ අවශ්‍යතාවය ද එම මහතා මෙහිදී පෙන්වා දීම සිදුවිය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ද එක් විය.
- මහනුවර මහනාම විද්‍යාලයේ අවධානම් ගොඩනැගිලි මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට.
- කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයේ.
- ලෝක මානසික සෞඛ්‍යය දින සැමරුම් වැඩසටහනට සමගාමිව මහනුවර ජාතික රෝහලේ දී.
- පාසල් දරුවන්ගේ කුසලතා හා පෝෂණය ඉහල නැංවීමට දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් මධ්‍යම පළාතෙන් ඇරඹේ .
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
