ක්‍රීඩා පුවත්

"තරඟයක් දිනාගැනීමට දක්ෂතාවය ප්‍රමාණවත්ය, නමුත් ශූරතාවලිය දිනා ගැනීමට කණ්ඩායම් හැඟීම හා බුද්ධිය අවශ්‍යය" ~ මයිකල් ජෝර්ඩන්

පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුක්ත පරිපාලන නිලධාරින්හට සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක් ඉකුත්දා (14) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පවත්වන ලදී. මනා කළමනාකරණයක් තුලින් යහපත් මහජන සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ගුරු උපදේශක ,මාර්ගෝපදේශ කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.

ඵලදායීතා සංකල්ප පිළිබද පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ කටුයුතු විධිමත්ව හා කාර්යක්ෂමව ඉටුකිරීම අරමුණු කර ගනිමින් ,නව සංකල්ප භාවිතා කිරීම සදහා නිලධාරීන්ගේ විෂය දැනුම පුළුල් කිරිම වෙනුවෙන් සංවිධානය කරන ලද ඵලදායීතා සංකල්ප පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා (14) පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පලදායිතා සංවර්ධන නිලධාරි අමිල ප්‍රභාත් අතුකෝරළ මහතා විසින් ලබාදෙන ලද අතර අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරින් මෙම වැඩසටහන සදහා සහභාගී විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 20දා මාතලේ දී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 20දා මාතලේ දී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්ම පුණ්‍ය මහෝත්සවය ජූලි 20 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මාතලේ - බණ්ඩරපොළ සුදුගඟ නදියේ ඉදිකෙරෙන සීමා මාලකයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, එහි ඉදිරි කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් 14 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර , දැනට ආයතන වෙත පවරා දී ඇති කාර්යයන් වල ප්‍රගතිය හා පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අතර ,මෙම පුණ්‍යෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතා සියලු අංශ වෙත උපදෙස් ලබා දීම සිදු කරන ලදී. මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී. නිමලසිරි,මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) සි.කේ .ඉලංගකෝන්,යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

සංවර්ධන නිලධාරීන්ගේ හා කළමනාකරණ සේවයේ නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා Microsoft word භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ අරමුණින් සංවර්ධන නිලධාරීන්ගේ හා කළමනාකරණ සේවයේ නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා Microsoft word භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පසුගියදා (13) පැවැත්විණි. පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු එස්.එම්.එස්.බණ්ඩාර මහතා මෙහි සම්පත් දායකත්වය දැරිය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මගපෙන්වීම සහ මෙහෙයවීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්. වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේවංශ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පසුගිය 12 වන දින පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභා ලේකම් කේ. ප්‍රියංකා චාන්දනී මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ගමගේ මහතාගේ සහ ආශා තිලකරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook