සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර ඔරලෝසු කණුව - ගුඩ් ශෙඩ් අතර පදික මාවත හරිත වියන ව්වෘත කෙරේ..

මහනුවර ඔරලෝසු කණුව - ගුඩ් ශෙඩ් අතර පදික මාවත හරිත වියන ව්වෘත කෙරේ..

මහනුවර ඔරලෝසු කණුව දෙස සිට ගුඩිෂෙඩි දක්වා වන මාර්ගයේ පදික ජනතාවගේ පහසුව හා නගරයේ හරිත පරිසරය ආරක්ෂා කිරීමෙි අරමුණින් ඉදිකරන ලද මල් වියන නිල වශයෙන් මහජනතාව වෙත විවෘත කිරීම පසුගියදා සිදුවිය. මෙහි වියන ආවරණය වන සේ පැල වැඩීමට වසරකට ආසන්න කාලයක් ගතවූ අතර මෙි වන විට මල් පිපී වියන සමිපූර්ණයෙන්ම ආවරණය වී එහි වඩාත් චමත්කාර දසුණක් ඔබට දක්නට පුළුවන. 

මහනුවර මහා නගර සභාවෙි ගරු නාගරික මන්ත්‍රීණී අනෝමා මඩුවන්වෙල ඇල්ලේගෙදර මහත්මියගේ යෝජනාවක් සහ ඇගේ මන්ත්‍රී ප්‍රතිපාදන යොදවා ඉදිකරන ලද මෙම මල් වියන විවෘත කිරීම මහනුවර ගරු නගරාධිපති කේසර. ඩී. සේනානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් . ගරු නියෝජ්‍ය නගරාධිපති ටී.එමි. ඉලාහි ආබිදීන් මහතා විපක්ෂනායක සේන දිසානායක මහතා , පරිසර ආරක්ෂණ හා ඝණ අපද්‍රව්‍ය කළමණාකරන කාරක සභාවෙි සභාපති ලලන්ත සංජීව පීරිස් මහතා ඇතුළු නාගරික මන්ත්‍රී පිරිසකගේ සහ නිලධාරී පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook