
ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක්.
ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක්.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක් පසුගියදා යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලදී .
පේරාදෙණිය පොලිසිය හා කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙහි දී නානුඔයට අප ජලය, වැසිකිළි අප ජලය හා කසල යොමු කරන නිවාස හා වෙළඳ වෙළෙඳ ආයතන හා හොටෙල් හදුනාගෙන අයිතිකරුවන් හට දැඩි ලෙස අවවාද සිදුකර එම කටයුතු වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලද අතර ඉදිරියේ දී නැවත වතාවක් මෙම ස්ථාන පරීක්ෂාකර ලබාදුන් නිර්දේශයන්ට අනුව කටයුතු සිදු නොකරන පුද්ගලයින් සඳහා දැඩිව නීතිමය කටයුතු සිදුකරන බව දන්වන ලදී.