
අයවැය හා වැටුප් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක්.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් අයවැය හා වැටුප් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී, මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතනවල විෂය නිළධාරින් හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ විමර් ශන නිළධාරින් වෙනුවෙන් පැවැත්විණි.
නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පසුගිය 03 දින පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර් යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.