
ශ්‍රී පාද ස්ථානය ආශ්‍රිතව දිනපතා එක්රැස් වන කසල මගින් සිදුවන පාරිසරික හානිය වලක්වා ගැනීම සදහා වැඩසටහනක්.
ශ්‍රී පාද වන්දනා සාමය ආරම්භ වීමත් සමග ශ්‍රී පාද ස්ථාන කලාපයේ පවතින නගර ආශ්‍රිතව දිනපතා එක්රැස් වන නොදිරන අපද්‍රව්‍ය හා ප්ලාස්ටික් බෝතල් මගින් සිදුවන පාරිසරික හානිය වලක්වා ගැනීම සදහා මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් කඩිනම් වැඩසටහනක් දියත් කෙරේ.
ඒ අනුව ශ්‍රි පාද වන්දනා වාරයට සමගාමීව නල්ලතන්නිය නගරයේ එක් රැස්ව පැවති ප්ලාස්ටික් බෝතල් එක්රැස් කොට රිකටන් කසළ අංගනය වෙත ගෙන ඒමට පියවර ගෙන පැවති අතර , අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා ප්‍රදේශය පුරා කසල බදුන් ස්ථානගත කිරීමට ද පියවර ගෙන ඇත.