කසල කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය (28 ) දා මහනුවර නගර සභාවේ කසළ බැහැර අංගනයේදි පැවැත්විය.
මහනුවර මහ නගර සභාවේ යාන්ත්‍රික ඉංජිනේරු නාමල් දිසානායක මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර මෙහිදි පළාත් පාලන ආයතනවල කසළ කළමණාකරනයේ වැදගත්කම පිළිබදව දැනුවත් කරන ලදී . එසේම ක්ෂේත්‍රය පිළිබද දැනුවත් කිරීම නගර සභාවේ මහජන සෞඛ්ය පරීක්ෂක සම්පත් මහතා විසින් සිදු කරන ලදි. මෙම පුහුණු වැඩසටහන සදහා තාක්ෂණ නිලධාරීන්, තාක්ෂණ සහායක නිලධාරීන්, පරිසර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා විෂය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය .