ගඟවට ප්‍රාදේශීය සභාවෙන් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක්.
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ‘තිරසර සංවර්ධන වැඩසටහන - 2022’ යටතේ බල ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කළ ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් පසුගිය දා ගන්නෝරුව ආහාර පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්විණි.
වැඩසටහනට තේමා කොට ගැනුනේ ආහාර තාක්ෂණය යි. වැඩසටහන සඳහා කාන්තාවන් 20 දෙනෙක් සහභාගී වූහ. සම්පත් දායකත්වය සැපයුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) අනෝමා සේනාරත්න මෙනෙවිය යි.
වැඩසටහන දින දෙකක දී පැවැත්වේ. දෙවන වැඩසටහන නුදුරේදී ම පැවැත්වීමට නියමිත ය.