සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

>පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින මඩවල මදීනා ජාතික පාසල අසලින් දකුණු දෙසට ගමන් ගන්නා මාර්ගය

>පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින මඩවල මදීනා ජාතික පාසල අසලින් දකුණු දෙසට ගමන් ගන්නා මාර්ගය

පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින මඩවල මදීනා ජාතික පාසල අසලින් දකුණු දෙසට ගමන් ගන්නා මාර්ගය රථවාහන යෑමට ප්‍රමාණවත් නොවන ලෙස පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට දැඩි අපහසුතාවයක් ව පැවතුනි.
පාතදුම්බර ගුන්නෑපාන මඩිගේ වසමේ ගම් වාසීන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තත්වයට විසදුම් ලබාදෙමින් ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර මහතාගේ මගපෙන්වීමෙන් එම මාර්ගය පළල අඩි 8 ක් වනසේ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් රු. 500000/= ක් ද, ගම්වැසියන් ගේ දායකත්වයෙන් කම්බි ලබාගැනීම ද සිදුකර ඉතාසාර්ථකව මාර්ගය සංවර්ධනය කර ඇත. පාතදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී (මඩවල) අබූ අෂ්රොෆ් මහතාගේ මුලිකත්වයෙන් මෙම කටයුතු සිදු කර ඇත.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook