
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයේ දී.
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ඩෙල්ටා ගැමුණුපුර මහ විද්‍යාලයේ දී
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේ දී පසුගියදා (04) පැවැත්විණි. මෙහිදී මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, ඒවා සක්‍රීයව පවත්වාගෙන යාම සදහා පාසල් සිසු සිසුවියන් දායකත්වය හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් පැවැත්වීය.කොත්මලේ කලාපයේ මාධ්‍ය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දිනූෂ පෙරේරා මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජී. එස්. යූ.කේ. ජයතිස්ස මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු මහත්මිය, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.