සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය

ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය

ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගෙන මහ/ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව පැන විසඳුම් පාඨශාලාන්තර දැනුම මිනුම තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සහ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැති මෙම තරගාවලියේදී දියුණු තරගයකින් අනතුරුව ජනාධිපති විද්‍යාලය එහි ශූරතාවය හිමිකර ගත්තේය. මෙහිදී අදහස් දැක්වූ ඩී.සී.අයි අන්දරගේ මහත්මිය මෙම තරගාවලිය පළාතේ අනෙකුත් ප්‍රාථමික මෙන්ම ද්විතීක පාසල්වලට ද ආදර්ශයක් බව සඳහන් කළාය. එසේම දරුවන්ගේ විෂයානු බද්ධ හා විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳවද මෙහිදී ඇගයීමක් කළාය.සිසු දරුවන්ගේ සෞන්දර්යාත්මක අංගයන්ගෙන් ද සමන්විත වූ මෙම තරගාවලිය සඳහා විද්‍යාලය විදුහල්පති ඩී. එම් .ජේ.දිසානායක මහතා ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා, ගුරුභවතුන්, දෙමව්පියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook