සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන වැඩසටහනක් නුවරඑළියේදී ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සංස්කෘතිය දියුණු, ගුණාත්මක සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් පාසල් මට්ටමේ සිට සිසු දරු දැරියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා සන්නිවේදන කුසලතා දියුණු කර ප්‍රබුද්ධ පරිකල්පනයෙන් යුත් අනාගත සිසු පරපුරක් අපේක්ෂාව පෙරදැරිව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා (03) නුවරඑළිය කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීකාන්ත් සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නු/ ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.ගාමිණී මධ්‍ය හා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා නුවරඑළිය යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රීයව පවත්වාගෙන යාම හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පැවැත්වීය.මෙම අවස්ථාවට නුවරඑළිය කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය උපදේශක නිල්මිණි දිසානායක මහත්මිය, විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එම්. නිමල් කුමාරදාස මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන්, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook