
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් දොළුව මහා විද්‍යාලයේ දී.
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් දොළුව මහා විද්‍යාලයේ දී.
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් දොළුව මහා විද්‍යාලයේ දී පසුගියදා (10) පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.ගම්පොළ අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අධ්‍යක්ෂ ආර්.කේ.ඒ. රත්නායක මහත්මියගේ සහයෝගය ඇතිව පැවැත් වූ මෙම වැඩසටහනට,විද්‍යාලයේ විදුහල්පති දිනූෂ ධනපාල මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.