සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ දී... පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් ව

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ දී... පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් ව

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කටුගස්තොට අධ්‍යාපන කලාපයේ දී පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදී අද (11) පැවැත්විණි. සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය, දුනුවිල රතනපාල මහා විද්‍යාලය,සංඝරාජපුර මහා විද්‍යාලය, ඉඩමේගම මහා විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය හා දේදුණුපිටිය මහා විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් පාසල් මාධ්‍ය සමාජවල සිසු සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි.හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ගීතා ජයවර්ධන මහත්මිය හා කටුගස්තොට කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය සම්පත් දායක ඒ.පී. කීර්තිරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේදී අද (11) පැවැත්විණි. සෙනරත්ගම කනිෂ්ඨ විද්‍යාලය, දුනුවිල රතනපාල මහා විද්‍යාලය,සංඝරාජපුර මහා විද්‍යාලය, ඉඩමේගම මහා විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය හා දේදුණුපිටිය මහා විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් පාසල් මාධ්‍ය සමාජවල සිසු සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි.හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ගීතා ජයවර්ධන මහත්මිය හා කටුගස්තොට කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය සම්පත් දායක ඒ.පී. කීර්තිරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook