
නැණ රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය- 2024
නැණ රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය- 2024
මහනුවර නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ "නැණ රූ සිත්තම් -2024" චිත්‍ර ප්‍රදර්ශනය මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) ආර්. පී. කළුපහනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(05) විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පරිපූර්ණ සංවර්ධනයට මෙන්ම අනාගත ජීවිතය හැඩ ගැන්වීමෙහිලා සෞන්දර්ය අධ්‍යාපනය සුවිශේෂී දායකත්වයක් සපයයි. මෙම ප්‍රදර්ශනයේ අරමුණ දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීම් සහ කලාත්මක නිර්මාණ භුක්ති විඳීමටත්, පොහොසත් පරිකල්පනය වර්ධනය කරගැනීමටත්, ඔවුන්ගේ කලාත්මක නිර්මාණ, හැඟීම් සහ මනාපයන්ට ප්‍රතිචාර දැක්වීමට උපකාර කිරීමයි.
මෙහිදී ප්‍රාථමික දරුවන් සඳහා චිත්‍ර ඇඳීම පිළිබඳ වැඩමුළුවක් ද සංවිධානය කෙරිණි. ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා අගයනු වස් සහභාගීත්ව සහතිකපත් ප්‍රදානයක් ද සිදුකෙරිණි.විද්‍යාලයේ විදුහල්පති ජී.එම්.ගජනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සෞන්දර්ය )ආර්.එම්.ආර්. ජයරත්න මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (කෘෂිකර්මය) එස්. ඩිලානි කරුණාරත්න මහත්මිය, අවට පාසල් නියෝජනය කරමින් විදුහල්පති මහත්ම මහත්මීන්, වටපුළුව ග්‍රාම නිලධාරීතුමිය, මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ කළමනාකාරතුමන්, පෙන්ටියම් 2000 ස්ටේෂනරි මැනුෆැක්චරින් ආයතනයේ කළමනාකාරතුමා,පාසල් සංවර්ධන සමිති ලේකම්තුමා, ආරාධිත පාසල් නියෝජනය කරමින් ගුරු භවතුන් හා ප්‍රාථමික ශ්‍රේණිවල සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක්ද සහභාගි වූහ.