සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කුළුගම්මන ප්‍රේමරතන මහා විද්‍යාලයේ දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් සැමරේ .

කුළුගම්මන ප්‍රේමරතන මහා විද්‍යාලයේ දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් සැමරේ .

කටුගස්තොට ,හාරිස්පත්තුව අධ්‍යාපන කොට්ඨාශයේ කුළුගම්මන පේමරතන මහා විද්‍යාලයේ දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් සැමරේ .

2022 වර්ෂයේ දෙමල භාෂාව ඉගැන්වීම සදහා පාසලට පැමිණි නිරෝෂා ෆරින් ගුරුතුමියගේ හා සංවර්ධන නිලධාරි පර්නිකා මහත්මියගේ කැපවීම මත දෙමල ඒකකයක් පිහිටුවීමත්, පරිත්‍යාග ශිලින්ගේ හා දෙමාපියන්ගේ ආධාර උපකාර සපයා ගනීමින්  ඒකකයට අවශ්‍ය භෞතික සම්පත්  සපයා ගනිමින් පාසලේ දුදරුවන්ගේ සහජ හැකියාවන් ප්‍රවර්ධනය සදහා දෙමල ඒකකය පිහිටුවීමට පියවර ගත්  බවත් මාස හයක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමට හැකිවීම දෙමල ඒකකයේ ගුරුවරුන්ගේ හා දරුවන්ගේ කැපවීම බව  විදුහල්පති සිරිල් ඥාණරත්න   මහතා  පැවසිය .

ඒ අනුව පාසලේ 1 සිට 13 වසර දක්වා සියලු පන්තිවල දුදරුවන් විවිධ නිර්මාණ සදහා දායක කර ගනිමින් නැටුම් ගැයුම් ඇතුලත් විවිධ සංස්කෘතිකාංග ඇතුලත්ව දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් පැවැත්වීමට පියවර ගෙන තිබුණි .දෙමල භාෂා දිනයට සමගාමිව විවිධ අංශ යටතේ පවත්වන ලද තරග සදහා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

 හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක චලනි පේමරත්න, දෙමල  භාෂා විෂය අධ්‍යක්ෂ   එම්.ඒ.ඇසිමා යන මහත්මින්ගේ   ප්‍රධානත්වයෙන් පැවති අතර    ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන්  මෙම අවස්ථාවට සහභාගී විය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook