සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

  රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යම පළාත් පාසල් තරගාවලියක්.

රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යම පළාත් පාසල් තරගාවලියක්.

ලෝකය දිනන දරුවෙකු සමාජගත කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරෙන රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යම පළාත් පාසල් තරගාවලිය (Annual Innovation and Robotic Exhibition -2022)  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (04)  ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරින. 

 

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් පාසල් විශාල ප්‍රමාණයක් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් වූ අතර , තරග ක්ෂේත්‍රයන් ලෙස නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යාපන ,අධ්‍යාපන ක්ෂේත්‍රය ,ඉංජිනේරු තාක්ෂනය හා නිෂ්පාදන ක්ෂේත්‍රය ,විනෝදාශ්වාද ක්ෂේත්‍රය ,සෞබ්‍යය හා වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයන් ඇතුලත් වේ. මෙහි සමාරම්භක අවස්ථාව සදහා අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) චම්පිකා මායාදුන්නේ , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ(සංවර්ධන)සාරුදින්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මංගලිකා දිසානායක , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජි.හේරත් බණ්ඩා යන මහතාම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook