හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ 2022 -2023 අධ්‍යයන වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවේ. ඒ සදහා වන උත්සවය පසුගියදා (09) හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි. එම් සේනානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
හගුරන්කෙත අධ්‍යාපන කලාපයේ කීර්තිමත් විදුබිමක් වන මෙම විදුහලේ දරුවන් 1700ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුභවතුන් අසූවක් සේවය කරති . අභිමානවත් ලෙස පැවති නිල ලාංඡන පැළදවීමේ අවස්ථාවට හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපති සහ අවට පාසල්වල විදුහල්පතිවරුන්, පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, දෙමාපියන් හා සිසු සිසුවියන්ගේ ඇතුළු පිරිසක් සහභාගි වූ විය . විද්‍යාලීය මාධ්‍ය ඒකකය සමස්ත වැඩසටහන සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙනු ලැබිය .