
රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ( ජාතික පාසල) කණිෂ්ඨ බාලදක්ෂ නිල ලාංඡන පැළදවිමේ උත්සවයක්.
මහනුවර 133 වන බාලදක්ෂ සමුහයේ ප්‍රධානත්වයෙන් මාප/වත්/රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ( ජාතික පාසල) කණිෂ්ඨ බාලදක්ෂ නිල ලාංඡන පැළදවිමේ උත්සවය ඉකුත්දා විද්‍යාලයේ භුමියේදි පැවැත්විණි.
මෙම අවස්ථාවට මහනුවර දිසා කොමසාරිස් සම්පත් විරසුරිය, සහය දිසා කොමසාරිස් ජනිත් පතිරන,සහය දිසා කොමසාරිස් නිම්රේඛා ලසන්ති ,දිසා බාලදක්ෂ ආචාර්ය චමිර වඩුගේ,දිසා බාලදක්ෂ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආචාර්ය A.R සිෆායා ,විද්‍යාලයේ විදුහල්පති මේජර් එන්. ඒ. කේ.සමරකෝන් සහ විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය ශානිකා අලුත්ගෙදර, බුද්ධිකා සමරකෝන් යන මහත්ම මහත්මින් සහභාගි වූ අතර එහිදී විද්‍යාලයේ කණිෂ්ඨ බාලදක්ෂ නායක නායිකාවන් ගේ දක්ෂතා ඇගයිමට ද ලක්විය.