
මැණික් උදාන ක්‍රීඩා උළෙල -2023 .
මැණික් උදාන ක්‍රීඩා උළෙල -2023 .
අතීතයේ අපේ පැවති යහගුණයන් අද විනාශයට පත්වෙලා . බටහිරට ගැති දේවල් අපිව ආක්‍රමණය කරලා. ඒ තත්ත්වය වෙනසකට භාජනය කිරීමේ ප්‍රමුඛ වගකීමත්, අනාගත දරු පරපුර ඉන් මුදවා ගැනීමත් අද අභියෝගයක් බවට පත් වෙලා. ඒ වගකීම ඉටුකිරීමේදී , විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ දී ක්‍රීඩාවෙන් ලැබෙන ප්‍රතිඵලය අද රටටම අවශ්‍ය වී පවතිනවායි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ පසුගිය (03) දෙනුවර අධ්‍යාපන කලාපයේ මැණික්දිවෙල මාධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල විශේෂ ආරාධිතයා ලෙස එක් වෙමිනි.
කොවිඩ් වසංගතය හමුවේ රටටම ආදර්ශයක් සපයමින් මෙම විද් යාලයේ දී අධ්‍යාපන කටයුතු ඕනම පාසලක දරුවෙකුහට සිදුකිරීමට අවස්ථාව ලබා දෙමින් අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් සිදුකළ සත් ක්‍රියාව සදහා උපහාර පිදීම ද මෙහිදී සිදු කෙරිණ.
විද්‍යාලයේ විදුහල්පති රෝහිත වීරසේකර මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා උළෙල සඳහා දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි,පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර,විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩක (බර එසවීමේ) ඉන්දික දිසානායක යන මහත්ම මහත්මීන් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.