සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ක්‍රිකට් ජය මහනුවර ට හා මාතලේට.

මධ්‍යම පළාත් ක්‍රිකට් ජය මහනුවර ට හා මාතලේට.

මධ්‍යම පළාත් ක්‍රිකට් ජය මහනුවර ට හා මාතලේට.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර, එහි කාන්තා ශූරතාවය දිනා ගන්නා ලද්දේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම විසිනි.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුනු අතර,අවසන් තරගයන් සදහා සුදුසුකම් ලැබීමට මහනුවර හා මාතලේ කණ්ඩායම් සමත් විය. තරගාවලියේ පිරිමි අනුශුරතාව මාතලේ දිස්ත්‍රික් කන්ඩායම විසින් ද කාන්තා අනු ශුරතාව මහනුවර කණ්ඩායම ද හිමිකර ගන්නා ලදී.
මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධික්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් තරගාවලිය සංවිධානය කොට පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook