
මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශුරතා ගගවට හා කුණ්ඩසාලේ දිනා ගනී.
මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශුරතා ගගවට හා කුණ්ඩසාලේ දිනා ගනී.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වූ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට ගගවටකොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා කණ්ඩායම සමත් විය. පිරිමි අවසන් තරගය සදහා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ගගවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සිදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ගෝල 1-0 ලෙස ලබාගනිමින් උඩපළාත පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට ගගවටකෝරළේ කණ්ඩායම සමත් විය. අනුශුරතාවය උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමිවිය. කාන්තා තරගාවලියේ අවසන් තරගය සදහා පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සුදුසුකම ලබා පැවති අතර එහිදී නිශ්චිත කාලය තුළ දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකිවුයෙන් දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය කිරීම සිදු විය .එහිදී ගෝල 3-2 ලෙස ලබා ගනිමින් පුජාපිටිය කණ්ඩායම පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් විය. අනුශුරතාවය පුජාපිටිය කණ්ඩායමට හිමිවිය. මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ දී ඉකුත්දා පැවැත්විණ.