
චාමර නුවන් ධර්මවර්ධන අඛණ්ඩව නමවන වරටත් ජාතික ශූරයා බවට පත්වෙමින් 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ ශූරතාවය මධ්‍යම පළාත දිනා ගනී.
චාමර නුවන් ධර්මවර්ධන අඛණ්ඩව නමවන වරටත් ජාතික ශූරයා බවට පත්වෙමින් 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ ශූරතාවය මධ්‍යම පළාත දිනා ගනී.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරගාවලියේ දී පදක්කම් 20ක් දිනාගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය.මෙම තරගාවලියේ දී මධ්‍යම පළාත රන් පදක්කම් දහයක්(10), රිදී පදක්කම් හයක්(06), හා ලෝකඩ පදක්කම් හතරක් (04) දිනා ගැනීමට සමත් වූ අතර, ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරගාවලියේ පැවති සමස්ත රන් පදක්කම් දාහතරෙන්(14) දහයක් ම (10) මධ්‍යම පළාත හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව යන සම්මානයන් ද මධ්‍යම පළාත විසින් හිමිකර ගැනීම සමත් වූ අතර , දක්ෂතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කළ චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයාත් , දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මධ්‍යම පළාතේ කල්පනී ජයවීරත් පිදුම් ලැබීය. පසුගිය වර්ෂයේ පැවැති 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ද මෙම යුගලය පිදුම් ලබා පැවති අතර , චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයා අඛණ්ඩව නමවන (09) වතාවට ජාතික ශූරයා බවට පත්වීම විශේෂ සිදු වීමකි.චාමර නුවන් ධර්මවර්ධන ගේ පුහුණුකරු ලෙස අමල් රත්නායක ත්, කල්පනී ජයවීර ගේ පුහුණුකරු ලෙස නාමල් රාජසිංහ ත් කටයුතු කරනු ලබයි.මෙම තරගාවලිය පසුගියදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී ද සහභාගී විය. මධ්‍යම පළාත් ජුඩෝ කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස මහනුවර දිස්ත්‍රික් ජුඩෝ පුහුණුකරු සන්ධ්‍යා ලාලනී වීරසිංහ කටයුතු කරනු ලැබීය.