
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලිය
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත නියෝජනය කරමින් 2024 වර්ෂයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ මෙම තරගාවලියේදී වයස් කාණ්ඩ 05ක් යටතේ බාලක /බාලිකා වශයෙන් තරග සංවිධානය කොට පැවතුනි.මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවතුනි.