මධ්‍යම පළාත් වුෂු තරගාවලිය දිගනදී!
47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ වුෂු තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැන්සු හා තාඔලු යන අංශයන්ගෙන් තරග වදින ලදී.
මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට පැවති අතර මෙම අවස්ථාවට ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග ,දිස්ත්‍රික් සම්බන්ධිකරණ ක්‍රීඩා නිලධාරි ලක්ෂ්මන් විජේසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රීඩා නිලධාරින් රැසක් සහභාගී වුහ.