සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට.

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට.

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට.

 

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පවත්වන ලද මධ්‍යම පළාත් පැසිපන්දු  තරගාවලියේ  කාන්තා හා පිරිමි ශුරතාවයන් දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. 

 

මෙම තරගාවලියේ පිරිමි අවසන් තරගය සදහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම තරග වැදී අතර එහි දී ලකුණු 72 – 40ක් ලෙස වාර්තා කරමින් මහනුවර කණ්ඩායම ශුරතාවයට හිමිකම් කිය. එහි අනුශූරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

කාන්තා අවසන් තරගයේදී මාතලේ පිල පරදවමින් ලකුණු 62-14ක් ලබා ගනිමින් මහනුවර කණ්ඩායම ශුරතවය හිමිකර ගන්නා ලදී. එහි අනුශුරතාවය මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සතු විය.  

මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය මත ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර මහ නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පසුගියදා පවත්වන ලද අතර සහතිකපත් හා පදක්කම් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග මහත්මිය එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook